කාමච්චෝඩය පොල අසල සිට මියගිය “අම්මාට “ අපගේ ශෝකය !

0
102

      amma2017/12 /18  දින  “මැයත්  අම්මා  කෙනෙක්  ,,  යන තේමාව  මත කාමච්චෝඩය  පොල  අසල  කිසිවෙකුගේ    හව්හරණක්  නැතිව  සිටි  අම්මා  කෙනෙක්  ගැන “ මීපුර  හි  පළකළෙමු.  ඇය මියගිය  බව  මීගමුව  පොලීසියේ   දිසානායක  මහතා   පෙරේදා ( 9දා)  දැනුම්දෙනලදී.  මා හට   හමුවු  දින  (18 )  ගොත  ගසමින්  ඇය    කළ එකම ඉල්ලීම වුයේ  බෙහෙත්  ටිකක්  ලබාදෙන  ලෙසයි.

මහත්වරුනි!  ඇයට  බෙහෙත්  ටිකක්  ගෙනැවිත්  දෙන්නට තරම්  තෙත්වු  හදක් ඇති අයකු සෙවිම  කළුනික සෙවිමට සමානය. වගකිවයුත්තන්ට  අපි ආයාචනා  කළද  ප්‍රතිපලයක්  නොලැබින. ඇය  දැන් මේ  ලෝකය  අතහැර  ගොස්ය.  මේ සමාජයට ඇය බර වැඩිවිය. නමුත්  විවිධ පැතිවලින්  කරන සුරංගනා  කථා නිතර ඇසේ.  ඉදිරියට  හෝ  මෙවැනි  අවාසනාවන්ත  තත්වයන්  ඇතිනොවන්නට  කටයුතු  කරනලෙස  මිගමුව නගරයේ  මේ සම්බන්ධ කටයුතුවල  සහ ප්‍රජා සේවාවන්වල  යෙදෙන සියළුම  ආයතනයන්ට  අවධාරණය  කරන්නෙමු.