කාමච්චෝඩේ , කුට්ටිදූව, වැල්ලවීදිය සහ අසරප්පා පාරේ ජනතාවට මාතෘ සායනයක් නැත ?

0
104
ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නොවේ
ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නොවේ
ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නොවේ

කාමච්චෝඩේ , කුට්ටිදූව, වැල්ලවීදියේ සහ අසරප්පා පාරේ ජනතාවට මාතෘ සායනයක් නැත.මෙම ප‍්‍රදේශ වල ජනතාවට, ළමා හා ගැබිණි මව්වරුන් සදහා ක්ලීනික් එකක් නැති බැවින් ඔවුන් බොහෝ අපහසුතාවයට පත් වී සිටිති.  ඔවුන්ගේ සායන අවශ්‍යතා සදහා  කුඩාපාඩුවට යෑමට සිදු වී ඇති අතර අතීතයේ එම ප‍්‍රදේශ වල සිටින ජනතාව සදහා කාමච්චෝඩේ ප‍්‍රදේශයේ ක්ලීනික් එකක් තිබුණි.

එය දැන් ශාන්ත මරියා විදුහල විසින් අත්පත් කරගෙන ඇත. එම ප‍්‍රදේශ වල සිටින ජනතාව පවසන්නේ කාමච්චෝඩේ ප‍්‍රදේශයේ අළුතින් ඉදි කරමින් පවතින ප‍්‍රජා ශාලාව ඔවුන්ට සායනයක් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට දෙන්න කියායි.
එහෙත් මීට වසර දෙකකට පෙර මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව පෙරලීමෙන් පසුව එම ප‍්‍රජා ශාලාවේ ඉදිකිරීම් කටයුතු එහෙම පිටින්ම නවතා දමා ඇත. එම ප‍්‍රජා ශාලාවේ ටික කාලයක් කාන්තාවක් බලෙන් ඇවිදින් පදිංචි වී සිටි අතර එම කාන්තාව එතනින් පිටුවහල් කිරීම සදහා ප‍්‍රදේශයේ ජනතාව බොහෝ වෙහෙසක් දරා ඇත. එපමණක් නොව මීගමුවේ නාගරික මන්ත‍්‍රී වරයෙක් වන එම්.එස් විනීසියස් ප‍්‍රනාන්දු යන මන්ත‍්‍රී වරයාද ඔහුගේ ඡන්ද වැඩ කටයුතු සහ ඔහුගේ පෞද්ගලික වැඩ කටයුතු සදහාත් එම ප‍්‍රජා ශාලාව ප‍්‍රයෝජනයට ගන්නා බවද ජනතාව පවසති. දැන් එම ප‍්‍රජා ශාලාව තුල කාමච්චෝඩේ සිටින තරුණයන් මත්පැන් සහ දුම් පානය කරන ස්ථානයක් බවට පත් වී ඇති අතර එතනට තවත් කෙනෙක් පදිංචියට යෑමට පෙර එම ප‍්‍රජා ශාලාවේ ඉදිකිරීම් කටයුතු නිමා කර දෙන ලෙසත් එම ප‍්‍රජා ශාලාව ළමා හා ගැබිණි මව්වරුන් සදහා සායනයක් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට දෙන ලෙසත් එම ප‍්‍රදේශ වල සිටින ජනතාව වගකිය යුතු බලධාරීන්ගෙන් සහ නිළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.


කැළුම් ඉෂාර