කාවින්ද මිගමුවේ බදුගෙවන ජනයාගේ පැත්තේද ? දයාන් ලංසාගේ පැත්තේද ? තීන්දුව අද ?

0
101

Kavinda jayawardanaදින 7 ක වැඩ සටහනක් සඳහා ඕස්ට්‍රේලියාවට යාමට මීගමුව නගරාධිපතිවරයා නීතියට පටහැනි ආකාරයෙන්  නගරසභාවෙන්  මුදල් අනුමත කරගෙන ඇතැයි අප දැනටමත් හෙළිදරව් කර තිබේ.
මෙම ගමන සූදානම් කර තිබෙන්නේ ශ්‍රීලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය නමින් වන ආයතනයක් විසින් වන අතර එය  රජයේ නිල ආයතනයක්ද නොවේ.
එබැවින් ඉතා පැහැදිලිවම මෙය  පුද්ගලික ගමනකි.
ඒ සදහා කිසිවිටකත් මිගමුවේ බදුගෙවන ජනයාගේ මුදල් වැය කළ නොහැක.
මහජන නියෝජිතයන්ගේ මෙවැනි විදේශගතවීම් සඳහා මුදල් අයකල නොහැකි බවට ජනාධිපතිවරයා විසින්ම ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන පලාත් පාලන ආයතනවල මෙවැනි ගමන් වලට මුදල් වැය කිරීම අත්හිටුවා ඇත.
ඒනිසා නගරාධිපතිවරයාගේ මෙම ඕස්ට්‍රේලියානු ගමනට නගරසභාවේ මුදල් වැයකිරීමට කරන ඉල්ලීම බස්නාහිර පලාත් පාලන කොමසාරිස් සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්ද ප්‍රතික්ෂේප කර ඇත.
තතු එසේ තිබියදි මිගමුව මහනගර සභාවේ දැනටමත් විවාදයකට ලක්ව ඇති වැඩබලන නාගරික කොමසාරිස්තුමිය බදුගෙවන ජනයාටද පිටුපාමින් කිසිදුක ලැජ්ජාවකින් තොරව නගරාධිපතිවරයාගේ නීතිවිරෝධි ඉල්ලිමට වක්‍රකාරයෙන් අනුමැතියක් පෙන්වා හමාරය .
මේ සඳහා වැයවන මුලු මුදල රු. ලක්ෂ 5,10,000කි.
මේ අනුව වීසා ගාස්තුව රු. 18,000කි. රාත්‍රි 06ට රු. 1,62,000කි. ගුවන් ටිකට් පතට 1,40,000 ,කි. පාඨමාලා සහ අධ්‍යන වියදම් රු. 1,30,000කි. අනියම් වියදම් ලෙස දිනකට ඩොලර් 50ක් බැගින් දින 7ටඩොලර් 350කි. එනම් රු. 60,900කි.මෙකී ගමනට නිවාඩු අනුමත වී ඇති නමුත් නගරසභාවේ මුදල් අනුමතවී නැති තත්වයක් යටතේ ඉහත සඳහන් පරිදි ගන්නා තීරණ මත එය මුදල් අධිභාරයකට යටත් වන බව තතු දන්නා අය පවසති .
අද (2019 අගොස්තු 01 )මහසභාවට පැවැත්විමට නියමිතය.
ඉතා පැහැදිලි ලෙස මිගමුවේ බදුගෙවන ජනයාගේ මුදල් වලට පික්පොකට් ගසා රට සාවාරියකට නගරාධිපතිවරයා කුරුමාණම් අලද්දි යහපාලනය රජයක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන වත්මන් මිගමුව එජාප සංවිධායක වෛද්‍ය කාවින්ද ජයවර්ධන හිටගන්නේ කාගේ පැත්තේද යන්න අද ඔහු විසින් ගනු ලබන තීන්දුවත් සමගින් මිගමුවේ බදුගෙවන ජනයාට දැනගැනිමට හැකිවෙනු ඇත.
ලක්ෂ 5 වැයකොට රෝන්දේ යන්න හදන නගරාධිපතිව රැකගන්නවාද නැතිනම් තමන් ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙකු බව රටටත් මිගමුවේ ජනයාටත් ඔප්පු කරමින් නගරාධිපතිගේ නීතිවිරෝධි වැඩවලට එරෙහි වනවාද ?
අප අවදියෙනි.