කාවින්දගේ ගෝලයාගෙන් අප්පච්චි මළාට සයිබර් ප්‍රහාරයක් ….

0
142

සොයිසා

 

කාවින්ද අවුල් වි ඇත.
අම්බානක බය වි ඇත.
ඒ ඉතා පැහැදිලිව මෙවර මැතිවරණයේදි බඩු ෂුවර් බව දන්නා නිසා විය යුතුය.
මේ නිසාම දැන් කාවින්දගේ  බඩියන් ගෝලයන් කාවින්දගේ මනාපයට අභියෝගයක්ව සිටින සජිත් පිළේ අනෙක් අයට පහර එල්ල කරන්නට පටන් ගෙන තිබේ.
මේ පළමු ප්‍රහාරය අප්පච්චි මළාටය.

ඔහු දිස්ත්‍රික්කය වටා යමින් ප්‍රබල මැතිවරණ සටනක් මේ වන විට දියත් කොට තිබේ.එමෙන්ම ඔහු නියෝජනය කරන කුලයද මෙවර මැතිවරණයේදි සැලකිය යුතු ඡන්ද පදනමක් අප්පච්චි මළා වටේ ගොනු කරන්නට සමත්ව තිබේ.මේ අනුව මිගමුවේදි මෙන්ම කටානේද කාවින්දට වඩා විශාල මනාප ප්‍රමාණයක් අප්පච්චි මළා හිමිකරගනු නියතය.

රාජපක්ෂලාට එරෙහිව දැවැන්ත සමාජ මතයක් එදා සමාජ ගත කරන්නට කටයුතු කර තිබුණ විජිතමුණි සොයිසා ඒ නිසාම අප්පචි මළා යැයි එදා සිට අද දක්වාම දේශපාලන සමාජය තුල ප්‍රකට විය.
කාවින්දගේ  ගෝලයන් කියන පරිදි අප්පච්චි මළා සල්ලි වියදම් කරමින් දැවැන්ත ප්‍රචාරක යන්ත්‍රයක් ගම්පහ දිස්ත්‍රික්කය පුරා දියත් කර ඇති බව පෙනේ.
කාවින්දට එසේ කරන්නට බැරිවිම නිසා උපන් කුහක කම අද ගෝලයන් හරහා පිටකරමින් සිටින බැව් පෙනේ.
කාවින්දට දැන් සොහොන් ලකුණු පෙනෙමින් ඇති බවට මේවා නම් කදිම නිදසුන්ය.