කාවින්දට අභියෝගයක් !හැකිනම් මෙවර Beach park ටෙන්ඩරයට විරුද්ධ වෙලා පෙන්නන්න!

0
47

nimal - kavindaකාවින්ද ජයවර්ධන සිය දේශපාලන ජිවිතයේ තීරාණාත්මක මංසන්ධියකට පැමිණ තිබේ.මත්ද්‍රව්‍ය විරෝධි කාර්දිනල් හිමිගේ වැඩසටහන්වල මිගමු නියෝජිතයෙකු යැයි ඔහුට සමිප අයම ඔහුව හදුන්වා දෙනු ලබයි.කාර්දිනල් හිමියන්ට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පේන්න බැරිය එහෙත් මිගමුවේ පමණක් නොව රටේම ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් පිලිබද චෝදනා ලැබ සිටින පවුල්වල ඇතැම් දේශපාලකයන් දැන් සිය profile පින්තූරය සරසාගෙන ඇත්තේ කාර්දිනල් හිමියන්ට අතට අත දෙන ඡායාරූපයවලිනි.

තතු එසේව තිබියදි රු කෝටි ගණනක වාර්ෂික අදායමක් මිගමුව බදුගෙවන ජනයාට අහිමිකරමින් එක්තරා ජාවාරම්කාර පවුලක් වෙත පමණක් බැරවෙමින් ඇති කෝටි ප්‍රකෝටි මුදල් සම්භාරයක් ජනිත කරන වෙරළ උද්‍යානය සදහා වු මෙවර ටෙන්ඩරය මහනගර සභාවට ලබාගෙන කරගෙන යාමට පියවර ගන්නා ලෙස හැකි නම් සිය මන්ත්‍රී මණ්ඩලය මෙහෙවා පියවර ගන්නා ලෙස අප ප්‍රසිද්ධ අභියෝගයක් කරන්නෙමු.ඔහු එය නොකරන්නේ නම් කාවින්ද ජයවර්ධන යනු රටට පේන්නට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි වන තම ආසනයේදි ඒ පවුල් හට පුර්ණ අනුග්‍රහය දක්වන්නෙකු ලෙසින් ඉතිහාස ගතවිමට නියමිතය.කාවින්ද ඔබ ලෑස්තිද ?