කැනඩා අගමැතිගෙන් අපේ රටේ දේශපාලකයන්ට කදිම පාඩමක් !

0
69

81680263_10216305754184187_2121691355775238144_oයුක්රේන ගුවන් සේවයට අයත් PS752 යානය ඉරාන අහසේ දී කඩා වැටී කැනේඩියානුවන් 57 දෙනෙකු (අලුත්ම ගණන් ගැනීම) , කාර්ය මණ්ඩලය ඇතුළු 176 දෙනෙකු මරු මුවට පත්වීම –

කැනඩා අගමැති ගේ ප්‍රතිචාරය 3 (අලුත් තත්වය)

මෙතෙක් කතාව සාරාංශය:

ඉකුත් බදාදා අලුයම ඉරානයේ ටෙහ්රාන් නුවර ඉමාම් ඛමීනී අන්තර් ජාතික ගුවන් තොටුපලේ සිට යුක්රේනයේ කියේව් නුවර බලා පිටත් වූ පියාසර අංක PS752 යානය ගුවන් ගත වී විනාඩි 2ක් තුළ පිපිරී කඩා වැටුනා.
සිද්ධියෙන් එහි සිටි යුක්රේන ජාතික කාර්ය මණ්ඩලය ඇතුළු 176 දෙනාම මිය ගියා. මිය ගිය මගීන් ගැන වාර්තා වීමෙන් පසු කැනඩාව කම්පනයටත් දැඩි සංවේගයටත් පත් වුණා. මන්ද ඒ අතරින් 57 දෙනෙකු ම කැනඩා පුරවැසියන් වීමයි

මෙම යානය කඩා වැටීමට හේතුව මිසයිල ප්‍රහාරයක් නමුත්, ඊට වගකිව යුත්තන් කවුරුන් ද යන්න ගැන නිසි තොරතුරු හෙළිදරව් වීමට පෙර කැනඩාවේ ජනතාව, ජන මාධ්‍ය , ආගමික නායකයන් සහ කැනඩාවේ අගමැති සහ ආණ්ඩුව දැක්වූ ප්‍රඥාවන්ත සහ ඉවසිල්ලෙන් යුතු ප්‍රතිචාරය ගැන මීට කලින් සටහන් දෙකෙන් කතා කළා.

මේ නවතම තත්වය සහ ප්‍රතිචාරය යි.

මෙම ගුවන් යානයට එල්ල වූ මිසයිල ප්‍රහාරය “මානුෂික අත්වැරදීමකින්” සිදු වූ බවට ඉරාන යුද හමුදාව සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකින් සොයා ගෙන තිබෙන බව එරට ජනාධිපති හසන් රුහානි සෙනසුරාදා ප්‍රකාශ කළා. මේ පිළිබඳව විමර්ශන නොකඩවා සිදු කෙරෙන අතර ඊට වගකිව යුත්තන් හඳුනාගෙන නීතිය හමුවට පැමිණීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළා.

මෙම ප්‍රකාශයෙන් පසුව කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කැනඩා වේලාවෙන් සෙනසුරාදා උදේ යළිත් මාධ්‍ය සාකච්ඡාවක් කැඳෙව්වා. මීට කළින් ඔහු තුළ තිබූ දුක්මුසු ස්වරය හා ස්වභාවය වෙනස් වී ආත්ම විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් පූර්ණව ඔහු කතා කරන ආකාරය අද පැහැදිලිව පෙනෙන්නට තිබුනා.

මේ ප්‍රවෘත්තිය ඇසීමෙන් කැනඩා ජනතාව “කම්පනයටත්, තැති ගැන්මටත්” පත්ව සිටින බව ඔහු කියා සිටියා. මන්ද මේ සිද්ධියෙන් කැනඩාවේ සිටින ඉරාන ප්‍රජාව මානසික බිඳ වැටීමට ලක්වීමයි. “ඒකාධිපති රෙජීමයකින් මිදී සිය අනාගතය නිදහසේ ගොඩනගා ගන්නට කැනඩාවට පැමිණි ඔවුන් එම රෙජීමය විසින් ම බිලිගෙන තිබෙනවා. මේ අලුත්ම තොරතුර ඇසීමෙන් මම කෝපයටත් දැඩි බවටත් පත් වුණා” යයි ඔහු කීවා.

තමා අද උදේ ඉරාන ජනාධිපති රුහානි සමග දුරකතනයෙන් මේ සිද්ධිය ගැන කතා කල බව අගමැති ටෘඩෝ පැවසුවා. “යුක්රේන ගුවන් යානය බිම දැමීම ගැන පූර්ණ වගකීම ඉරාන ආණ්ඩුව භාරගත යුතු බව මා ඔහුට කීවා. මේ බියකරු ඛේදවාචකය සිදු වුනේ කෙසේ ද යන්න ගැන පූර්ණ පැහැදිලි කිරීමක් අපට අවශ්‍ය යි. සිද්ධියේ බලපෑමට ලක් වූ පවුල් යුක්තියත්, වගවීමත් ඉල්ලා සිටිනවා. එසේ ම මේ සිද්ධියේ සම්පූර්ණ නිගමනයක් ලබා අවසානයට එළඹීමට ඔවුනට අයිතියක් තිබෙනවා” කියා ටෘඩෝ අවධාරණය කළා.

අගමැති ටෘඩෝ ගේ මේ දැඩි බව තුළ රාජ්‍යතාන්ත්‍රික භාවයත් මිශ්‍රව තිබුනා.
තමන් අතින් මේ ප්‍රහාරය එල්ල වී ඇති බව ඉරානය පිළිගැනීම “අදාළ පවුල් වලට පිළිතුරු සැපයීමේ දී ඉතා වැදගත් සුබවාදී ඉදිරි පියවරක්. එහෙත් තවත් බොහෝ දේ කරන්නට තිබෙනවා” ඔහු කියා සිටියා.

“මේ පිලිබඳ විමර්ශනයට කැනඩාව සහභාගී වීම මුළුමනින්ම අත්‍යවශ්‍ය කාරණයක් බව මම ජනාධිපති රුහානිට අවධාරණය කළා. ඉරාන ආණ්ඩුවෙන් අපි සම්පූර්ණ සහයෝගය බලාපොරොත්තු වෙනවා.”

මෙවැනි ඛේදවාචයකට මුහුණ දෙන රටක් නිසි දිශාවට යොමු කරමින් එම ඛේදවාචක වලට විසඳුම් සොයා ගත හැක්කේ “ප්‍රඥාව, නුවණක්කාර කම, ඉවසිල්ල” එක සේ ඇති, තම ආත්ම ලාභය, බල ලෝභය හෝ න්‍යාය පත්‍ර නොව රටේත් ජනතාව ගේත් සුබ සිද්ධිය සොයන ජන නායකයන්ට පමණයි.

එක් දිනක් තුළ අගමැති ටෘඩෝ ගේ ප්‍රඥාවන්ත රාජ්‍ය තාන්ත්‍රික වචන සහ ක්‍රියා ඵල දරා තිබෙන අන්දම මේ අලුත්ම ප්‍රතිඵලය පෙන්වා දෙනවා.

දැන් පන්දුව තිබෙන්නේ “ඉරාන කණ්ඩායම” අතේ. අතීතයත් වර්තමානයත් දෙස බැලූ විට ආඥාදායක පාලනයක් සහිත ඉරානය මෙවැනි පරීක්ෂණ වල සත්‍යය සැඟවීමට කුප්‍රකටව සිටින රාජ්‍යයක්. ඒ නිසා කැනඩාවේ රාජ්‍ය තාන්ත්‍රික බවට ඔවුන් ගෙන් කවර ප්‍රතිචාර ලැබේ දැයි සැක සහිතයි.

ඔවුන් ගේ පිළිතුර කුමක් වුවත් එක දෙයක් ඉතා පැහැදිලියි. එනම් ලෝක දේශපාලනය තුළ එම ආඥාදායක රෙජීමයේ පැවැත්ම එම ප්‍රතිචාරය මත රඳා පවතින බවයි.

යුක්රේන ගුවන් සේවයට අයත් PS752 යානය ඉරාන අහසේ දී කඩා වැටී කැනේඩියානුවන් 57 දෙනෙකු (අලුත්ම ගණන් ගැනීම) , කාර්ය මණ්ඩලය ඇතුළු 176 දෙනෙකු මරු මුවට පත්වීම – කැනඩා අගමැති ගේ ප්‍රතිචාරය 3 (අලුත් තත්වය)

මෙතෙක් කතාව සාරාංශය: ඉකුත් බදාදා අලුයම ඉරානයේ ටෙහ්රාන් නුවර ඉමාම් ඛමීනී අන්තර් ජාතික ගුවන් තොටුපලේ සිට යුක්රේනයේ කියේව් නුවර බලා පිටත් වූ පියාසර අංක PS752 යානය ගුවන් ගත වී විනාඩි 2ක් තුළ පිපිරී කඩා වැටුනා.
සිද්ධියෙන් එහි සිටි යුක්රේන ජාතික කාර්ය මණ්ඩලය ඇතුළු 176 දෙනාම මිය ගියා. මිය ගිය මගීන් ගැන වාර්තා වීමෙන් පසු කැනඩාව කම්පනයටත් දැඩි සංවේගයටත් පත් වුණා. මන්ද ඒ අතරින් 57 දෙනෙකු ම කැනඩා පුරවැසියන් වීමයි

මෙම යානය කඩා වැටීමට හේතුව මිසයිල ප්‍රහාරයක් නමුත්, ඊට වගකිව යුත්තන් කවුරුන් ද යන්න ගැන නිසි තොරතුරු හෙළිදරව් වීමට පෙර කැනඩාවේ ජනතාව, ජන මාධ්‍ය , ආගමික නායකයන් සහ කැනඩාවේ අගමැති සහ ආණ්ඩුව දැක්වූ ප්‍රඥාවන්ත සහ ඉවසිල්ලෙන් යුතු ප්‍රතිචාරය ගැන මීට කලින් සටහන් දෙකෙන් කතා කළා.

මේ නවතම තත්වය සහ ප්‍රතිචාරය යි.

මෙම ගුවන් යානයට එල්ල වූ මිසයිල ප්‍රහාරය “මානුෂික අත්වැරදීමකින්” සිදු වූ බවට ඉරාන යුද හමුදාව සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකින් සොයා ගෙන තිබෙන බව එරට ජනාධිපති හසන් රුහානි සෙනසුරාදා ප්‍රකාශ කළා. මේ පිළිබඳව විමර්ශන නොකඩවා සිදු කෙරෙන අතර ඊට වගකිව යුත්තන් හඳුනාගෙන නීතිය හමුවට පැමිණීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළා.

මෙම ප්‍රකාශයෙන් පසුව කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කැනඩා වේලාවෙන් සෙනසුරාදා උදේ යළිත් මාධ්‍ය සාකච්ඡාවක් කැඳෙව්වා. මීට කළින් ඔහු තුළ තිබූ දුක්මුසු ස්වරය හා ස්වභාවය වෙනස් වී ආත්ම විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් පූර්ණව ඔහු කතා කරන ආකාරය අද පැහැදිලිව පෙනෙන්නට තිබුනා.

මේ ප්‍රවෘත්තිය ඇසීමෙන් කැනඩා ජනතාව “කම්පනයටත්, තැති ගැන්මටත්” පත්ව සිටින බව ඔහු කියා සිටියා. මන්ද මේ සිද්ධියෙන් කැනඩාවේ සිටින ඉරාන ප්‍රජාව මානසික බිඳ වැටීමට ලක්වීමයි. “ඒකාධිපති රෙජීමයකින් මිදී සිය අනාගතය නිදහසේ ගොඩනගා ගන්නට කැනඩාවට පැමිණි ඔවුන් එම රෙජීමය විසින් ම බිලිගෙන තිබෙනවා. මේ අලුත්ම තොරතුර ඇසීමෙන් මම කෝපයටත් දැඩි බවටත් පත් වුණා” යයි ඔහු කීවා.

තමා අද උදේ ඉරාන ජනාධිපති රුහානි සමග දුරකතනයෙන් මේ සිද්ධිය ගැන කතා කල බව අගමැති ටෘඩෝ පැවසුවා. “යුක්රේන ගුවන් යානය බිම දැමීම ගැන පූර්ණ වගකීම ඉරාන ආණ්ඩුව භාරගත යුතු බව මා ඔහුට කීවා. මේ බියකරු ඛේදවාචකය සිදු වුනේ කෙසේ ද යන්න ගැන පූර්ණ පැහැදිලි කිරීමක් අපට අවශ්‍ය යි. සිද්ධියේ බලපෑමට ලක් වූ පවුල් යුක්තියත්, වගවීමත් ඉල්ලා සිටිනවා. එසේ ම මේ සිද්ධියේ සම්පූර්ණ නිගමනයක් ලබා අවසානයට එළඹීමට ඔවුනට අයිතියක් තිබෙනවා” කියා ටෘඩෝ අවධාරණය කළා.

අගමැති ටෘඩෝ ගේ මේ දැඩි බව තුළ රාජ්‍යතාන්ත්‍රික භාවයත් මිශ්‍රව තිබුනා.
තමන් අතින් මේ ප්‍රහාරය එල්ල වී ඇති බව ඉරානය පිළිගැනීම “අදාළ පවුල් වලට පිළිතුරු සැපයීමේ දී ඉතා වැදගත් සුබවාදී ඉදිරි පියවරක්. එහෙත් තවත් බොහෝ දේ කරන්නට තිබෙනවා” ඔහු කියා සිටියා.

“මේ පිලිබඳ විමර්ශනයට කැනඩාව සහභාගී වීම මුළුමනින්ම අත්‍යවශ්‍ය කාරණයක් බව මම ජනාධිපති රුහානිට අවධාරණය කළා. ඉරාන ආණ්ඩුවෙන් අපි සම්පූර්ණ සහයෝගය බලාපොරොත්තු වෙනවා.”

මෙවැනි ඛේදවාචයකට මුහුණ දෙන රටක් නිසි දිශාවට යොමු කරමින් එම ඛේදවාචක වලට විසඳුම් සොයා ගත හැක්කේ “ප්‍රඥාව, නුවණක්කාර කම, ඉවසිල්ල” එක සේ ඇති, තම ආත්ම ලාභය, බල ලෝභය හෝ න්‍යාය පත්‍ර නොව රටේත් ජනතාව ගේත් සුබ සිද්ධිය සොයන ජන නායකයන්ට පමණයි.

එක් දිනක් තුළ අගමැති ටෘඩෝ ගේ ප්‍රඥාවන්ත රාජ්‍ය තාන්ත්‍රික වචන සහ ක්‍රියා ඵල දරා තිබෙන අන්දම මේ අලුත්ම ප්‍රතිඵලය පෙන්වා දෙනවා.

දැන් පන්දුව තිබෙන්නේ “ඉරාන කණ්ඩායම” අතේ. අතීතයත් වර්තමානයත් දෙස බැලූ විට ආඥාදායක පාලනයක් සහිත ඉරානය මෙවැනි පරීක්ෂණ වල සත්‍යය සැඟවීමට කුප්‍රකටව සිටින රාජ්‍යයක්. ඒ නිසා කැනඩාවේ රාජ්‍ය තාන්ත්‍රික බවට ඔවුන් ගෙන් කවර ප්‍රතිචාර ලැබේ දැයි සැක සහිතයි.

ඔවුන් ගේ පිළිතුර කුමක් වුවත් එක දෙයක් ඉතා පැහැදිලියි. එනම් ලෝක දේශපාලනය තුළ එම ආඥාදායක රෙජීමයේ පැවැත්ම එම ප්‍රතිචාරය මත රඳා පවතින බවයි.
සේයාරූ දෙක: ගුවන් යානය මිසයිල් ප්‍රහාරයෙන් පුපුරා යන මොහොතේ වීඩියෝ කැමරාවක කෙරුණු සටහන් දෙකක්. CNN සහ BBC මාධ්‍ය වලින් නිකුත් කෙරිණි

ගුවන් අනතුර 1ගුවන් අනතුර 2

සේයාරූ දෙක: ගුවන් යානය මිසයිල් ප්‍රහාරයෙන් පුපුරා යන මොහොතේ වීඩියෝ කැමරාවක කෙරුණු සටහන් දෙකක්. CNN සහ BBC මාධ්‍ය වලින් නිකුත් කෙරිණි
සමන් කපිල විජේසුරිය