කැනඩාවට යන්න ගිය තරුණයන්ට වූ ඇබැද්දිය

0
54

 

2017.06.13 වන දින කැනඩාවට යෑම සදහා වීසා බලපත්‍ර ලබා දෙන්නම් පවසා දෙමළ තරුණයන් දෙදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 34ක මුදල් වංචාවක් සිදු කර කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් 2017.06.14 වන දින කොළඹ පොලීසිය විසින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කෝට්ටේ අධිකරණය වෙත යොමු කර ඇති අතර එක් සැකකරුවෙකු වන කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටින ඉන්දික ලක්මාල් යන නැමැත්තාව රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් අනෙක් සැකකාරිය වන මදුෂි ප්‍රශංසනි යන නැමැත්තනියව රුපියල් 10000ක ඇප මත නිදහස් කරන ලෙස කෝට්ටේ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහතා නියෝග කලේය.

සිද්ධිය සැනකින් මෙසේය.

වීසා ලබා ගැනීම සදහා කැනඩාවේ විශ්ව විද්‍යාලයට බැංකු පොත් පෙන්වීමට සිදු වන නිසා බැංකු පොත් මට භාර දෙන ලෙසට සැකකරු විසින් වංචාවට ලක් වූ තරුණයන් දෙදෙනාට පවසා ඇත.

මෙය පිළිබදව වංචාවට ලක් වූ තරැණයන් දෙදෙනා පැවසුවේ බැංකු පොත් සැකකරුවන්ට භාර දුන් බවයි.

ඉන්පසු එම සැකකරුවන් බොරු අත්සන් තබා පැල්මඩුල්ලේ පිහිටි බැංකුවකින් රුපියල් ලක්ෂ 10ක් සහ රත්නපුරයේ පිහිටි බැංකුවකින් රුපියල් ලක්ෂ24කුත් වංචනික ලෙස අත්පත් කර ගෙන ඇත.

වංචා විමර්ශන අංශය විසින් පවත්වන ලද පරීක්ෂණයක් මගින් මෙම කාරණාව සොයා ගෙන ඇත.මෙම වංචාව සදහා බැංකු කළමණාකරුවන්ගේ සහයෝගයද ලබා දී ඇති බව හෙළි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පොලීසිය විසින් වැඩිදුර විමර්ශනයක් සිදු කරමින් පවතී.


උපුටා ගැනීම / http://www.tamilwin.com /කැළුම් ඉෂාර