පොරොන්දු ඉටු කරමු ! නගර සභාවේ කැමරා , පරිඝනක හොරු අල්ලමු !

0
90

( 7.00 am )  2022 වසරේ මීගමුව මහා නගර සභාව විසින්  මිලදීගත් වටිනා කැමරාවක් සහ ඊට අදාළ උපාංගද එලෙසම ලැප් ටොප් පරිගණක 02 ක් සහ ඩෙස්ක් ටොප් පරිගණකයක්ද ඇතුළුව ලක්ෂ 25 ක වටිනාකමින් යුත් භාණ්ඩ මේ වනවිට නගර සභාවට අහිමි වී ගොස් ඇතැයි අප මිට අවස්ථා කිපයකදිම හෙළිකලෙමු..

පසුගියදා මෙම විශේෂ හෙළිදරව් කිරීම සිදු කළේ මීගමුව මහ නගර සභාවේ  හිටපු නාගරික මන්ත්‍රීවරයකු වු කපිල නන්ද සුලෝචන  විසිනි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ  මහ නගර  සභාවට රුපියල් ලක්ෂ පහලවත් වැය කරමින්  වටිනාකමින් යුත් කැමරාවක් අනෙකුත් උපාංග  මිලදී ගැනීමට යෝජනාවක් ගෙනා අවස්ථාවේදී තමන් ඇතුළු නාගරික මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඒ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කළ බවය

මහ නගර සභාවේ මාධ්‍ය ඒකකයක් පවා  ස්ථාපිත කර නොමැතිව එතරම් වටිනාකමකින් යුත් කැමරාවක් මිලදී ගැනීම මහජන මුදල් නාස්ති කිරීමක් ලෙස මෙයට එරෙහි වු මන්ත්‍රිවරුන් පෙන්වා සි තිබුණි.

.

පළාත් පාලන නිතියට අනුව මේ භාණ්ඩ පැවතිය යුත්තේ නගර සභාව තුල ආරච්චිලාගේ භාරයේ යැයි මේ ගැන කළ විමසිමකදි හිටපු ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු කියා සිටියේය

කෙසේ වෙතත් රු ලක්ෂ 25 ක අධික වටිනාකමකින් යුතු මේ දේපල හිටපු නගරාධිපති දයාන් ලංසා විසින් අස්ථානගත කර ඇති පසුබිම ඒවා ලබා ගැනිමට හෝ ඒ මුදල නැවත නගර සභාවට ලබාගැනිමට කටයුතු කළ යුතුව තිබේ.

මේ සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කරන ලෙස පසුගියදා කොමසාරිස්ව හමුවු අවස්ථාවේදි මාලිමා ක්‍රියාකාරින් විසින් අවධාරණය කර තිබුණි

(ඡායා- අන්තර්ජාලයෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here