කැලිසන් ජයකොඩිගෙන් මීපුරට ආයාචනයක්

0
33

මීගමුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය අපගේ පාඨකයන් දැනටමත් දන්නවා ඇතැයි අප සිතමු.

මීගමුව නගර සභා ජන්ද ඉතිහාසයේ වැඩිම මනාපවලට හිමිකම් ( මනාප 21000 කට වඩා )කියමින් රොයිස් විජිත මන්ත්‍රිවරයා මෙවර මහනගර  සභාවට පත්ව  නැවතත් විපක්ෂ නායකධුරය හෙබවිය.මේ අතර මනාප 3000 ගණනක් ලැබු කැලිසන් ජයකොඩි මහතා පසුව ආණ්ඩු පක්ෂයේ වැඩිම මනාප වලට හිමිකම් කියමින් මීගමුව මහ නගර සභාවේ මුදල් කාරක සභාවට පත්විය. ( මුදල් කාරක සභාව සියලු කාරක සභාවන් අතර ප්‍රධානතම එක වෙයි.)

පසුව රොයිස් විජිත මන්ත්‍රිවරයා පොලිස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතවිමත් සමගින් මීගමුව මහ නගර සභාවේ තාවකාලික වැඩබලන කණ්ඩායම් නායක ලෙසින් කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයා පත්විම් ලබයි.

2012.07.10 දාතමින් ලිපියක් යොමුකරමින් අප වෙබ් අඩවියේ පලව ඇති පුවතක විපක්ෂ නායක රොයිස් විජිත ලෙසින් සදහන්ව තිබිම නිවරදි කරන ඉල්ලා ඇත.එයට ආදාලව ලිපි කිපයක්ද යොමු කර  ඇත.එහි සදහන්ව ඇත්තේ රොයිස් විජිත මහතාට අදාලව ඇති අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වනතෙක් වැඩබලන කණ්ඩායම් නායකධුරය කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයා විසින් දරන බවය.