කැෂුවරිනා වෙරළින් මුහුදට බසින්න එන්න

0
238

යාපනය කියන්නේ හරිම සුන්දර තැනක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැති තරම්. හැබැයි කියන්න තියෙන කනගාටුදායක දේ තමයි යාපනයේ යන ගොඩාක් දෙනකුට සමහර තැන මඟහැරෙන එක. ඒ කියන්නේ තියෙන කාලයත් එක්ක ළග තියෙන ඒවා බලනවා මිසක් ටිකක් ඈතට යන්න වෙලාවක් එන්නේ නෑ.

casurina-beach-10
මේ කොහොම වුණත් “කැෂුවරිනා වෙරළ“ කියන්නේ මඟහරින්නම හොඳ නැති තැනක්. මොකද මේක ලංකාවේ හොඳම මුහුදු වෙරළ වලින් එකක්.

“කැෂුවරිනා වෙරළ“ තියෙන්නේ කරෙයිනගර් දුපතේ. ඒ කියන්නේ යාපනයේ නගරයේ ඉඳලා යනවා නම් කිලෝමීටර් 27 ක් විතර යන්න ඕන. යාපනයේ ඉඳලා කරෙයිනගර් යන බස් එකක් යනවා නම් ඒකට පැයක් විතර යයි. වාහනයකින් ගියොත් විනාඩි 35 කින් වගේ යන්න පුළුවන් මෙතන්ට.

casurina-beach-11මේකට කියන්නේ කැෂුවරිනා වෙරළ කියලා. ඒ නම වැටිලා තියෙන්නේ මේ වෙරළේ තියෙන කැෂුවරිනා ගස් නිසා. කැෂුවරිනා කියන්නේ ලංකාවට ආවේණික ගස් වර්ගයක් නෙවෙයි. මේක ෆයිනස් කුලයේ ශාඛයක්. ඔස්ට්‍රේලියාව ආශ්‍රිත කලාපයේ රටවල තමයි බහුලවම වැවෙන්නේ. ලංකාවේ වෙන වෙරළ තීරවල දකින්න ලැබෙන පොල්ගස්, සහ අනිකුත් ගස් වර්ග වෙනුවට මේ වෙරළ තීරයේ දකින්න ලැබෙන්නේ මේ කියන කැෂුවරිනා ගස්. මේ ගස් වෙන් වෙරළ තීරවලදී දකින්න නැතිකම තමයි විශේෂත්වය.සුදු වැලිතලාව, නිල්පාට මුහුද සහ කැෂුවරිනා ගස් අමුතුම චමත්කාරයක් මවන්නේ මේ වෙරළ තීරයට. ඒ වගේම රළ නැගෙන්නේ නැති මේ මුහුදේ බොහෝ දුරක් ඈතට ඇවිදගෙන යන්න පුළුවන්. ගැඹුරු නෑ. මේ නිසා මෙතන නාන්න කියාපු තැනක්. නොගැඹුරු මුහුද නිසා ආරක්ෂාකාරීව නාන්න පුළුවන්. පීනන්න නම් වතුර මදි. එහෙම පීනන්න ඔනේ නම් බෝට්ටුවක් කුලියට අරං ටික දුරක් මුහුදේ යන්න ඕන.

casurina-beach-8

casurina-beach-4
විශේෂම දේ තමයි මේ වෙරළේ මත්පැන් පානය කරන්න තහනම්. උදේ 7.30 ඉදලා රෑ 8. වගේ වෙනකල් මේ වෙරළේ ගත කරන්න පුළුවන්.නාලා කාල එන්න නියම තැනක්. කැෂුවරිනා ගහක් යට හෙවණට ඉඳලා විවෙකය විඳින්න නියම තැනක්. මොකද රැල්ල ගහන්නේ නැති නිසා මේ වෙරළේ ඉන්නකොට ඇඟට අපහසුවක් දැනෙන්නේ නැති තරම්.හැබැයි කෑම බීම ගනිද්දි සැලකිලිමත් වෙන්න අවට වටපිටාව අපවිත්‍ර නොකර ඒ කටයුතු කර ගන්න.

casurina-beach-3

casurina-beach-1

යාපනේ ගිහින් නාගදීප , නල්ලූර්, පේදුරු තුඩුව, වගේ බලන තැන් අතරට කැෂුවරිනා වෙරළත් එකතු කර ගන්න අලුත් අත්දැකීමක් වෙයි.

කැෂුවරිනා වෙරළ තියෙන තැන හරියටම මෙතනින් google map එකේ බලාගන්න.

map

මුල් ලිපිය :www.awidimu.com
©http://www.awidimu.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here