කැසිනෝ ධම්මිකලා මුතුරාජවෙල විනාශ කරද්දි කාවින්දලා,ජෝන්ලා නිහඩ ඇයි ?

0
142

Dr. Kavindaමුතුරාජවෙල ගොඩකරමින් හෝටල් සංකිර්ණයක් ඉදිකිරිමට කැසිනෝ ධම්මිකලා කටයුතු කරගෙන යද්දි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කාවින්ද ජයවර්ධනලා ඇතුළු පිරිස මුනිවත රකින බව ඊයේ පැවැති උද්ඝෝෂණයට එක්ව සිටි ජනතාව කියා සිටි.මෙම ගොඩකරන ඉඩම පිලබදව ප්‍රකාශිත හිමිකරු හැටියට පෙනි සිටින්නේ අජිත් පණ්ඩිතරත්න නැමැත්තෙකි.ධම්මිකට හිමි රතුපස්වල කුප්‍රකට රබර් කර්මාන්ත ශාලාවේ ප්‍රකාශිත හිමිකාරිත්වය ඇත්තේද මේ අජිත් නැමැත්තා හටම බැව් සැලය.කෙසේ වෙතත්
එජාප ප්‍රබලයන් වන ජෝන් අමරතුංග,ජෝශප් මයිකල් පෙරේරා,කාවින්ද ජයවර්ධන ඇතුළු කිසිවෙකුත් මෙම ජනතා උද්ඝෝෂණයට පැමිණ සිටියේය නැත.
මේ සිදුවන දැවැන්ත  විනාශයට එරෙහිව ප්‍රදේශයේ ජනතාව සංවිධානය කළ  උද්ඝෝෂණයට පැමිණ සිටියේ නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක සහ පලාත් සභා මන්ත්‍රී ශිරන්ත අමරසේකර පමණි.
පොලිසිය මෙන්ම දේශපාලකයන්ද මුතුරාජවෙල ගොඩකරන ධනකුවේරයන්ගෙන් සල්ලි අරන් තිබෙන්නේ යැයි නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක ඊයේ හෙළිකර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here