කිතුලට රාජ්‍ය අනුග්‍රහය ?

0
152

FB_IMG_1574428857008කිතුල් කර්මාන්තය මේ ප්‍රදේශවල අතීතයේ ඉඳන් පැවතගෙන ආපු කර්මාන්තයක්.දෙනිහේන,දිගන්න,මන්නවත්ත,කළුගල,කෑරගල,කෙළින් කන්ද,අත්වැල්තොට,කලවාන,නෙළුව,හැඩිගල්ල,රූණකන්ද කියන්නෙ මේ පැත්තෙ කිතුල් කර්මාන්තය හොඳටම කරගෙන ගිය ප්‍රදේශ.එහෙත් වත්මන් පරපුර කිතුල් වගේ සාම්ප්‍රදායික කර්මාන්ත වලින් ඉවත් වෙමිනුයි පවතින්නෙ.ඊට හේතුව එම කර්මාන්තයට රජයෙන් ලැබෙන කුඩම්මගෙ සැලකිල්ල නිසා.FB_IMG_1574428860542

ඇත්තටම කිතුල් කර්මාන්තය කියන්නෙ අතුරෙ යනවා වගේ ජීවිත අවධානම සහිත රස්සාවක්.මේ සටහනට ආසන්නම හේතුව උනේ දික්හේනෙ පැත්තෙ කිතුල් ගහකින් වැටිලා තරුණ ජීවිතයක් අහිමි වීම.කිතුල් ගස්වලින් වැටුනා කියලා ගම්වල කියන්නෙ නෑ.”කිතුලෙන් පාත්වෙලා” කියලා තමයි කියන්නෙ.ඉස්සර ගොඩක්ම හදිසි මරණ වලට හේතුවක් තමයි කිතුල් ගස් වලින් වැටීම.අපේ තාත්තාගෙ තාත්තා මිය ගිහිං තීන්නෙත් කිතුල් ගහෙන් වැටිලා.😨 අපේ මතක ඇති කාලෙ කිතුලෙන් වැටිලා මියගිය අය 8-10 විතර හිටියා.හැරපට කැඩීම,උණ ගැටය කැඩීම,බඳපට කැඩීම,අත ලිස්සීම ආදී කාරණා නිසා තමයි ගහෙන් වැටෙන්නෙ.තවත් හේතුවක් තමයි බීමත්ව සිටීම.කිතුල් රා,මල් කපන බොහෝ දෙනෙක් බොනවා.😱

කොහොමින් හරි කිතුල් කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ඕනෙ.කර්මාන්තය මුහුණ දෙන ගැටලු පිලිබඳව හොයා බලන්න ඕන.නැත්නම් පිරිසුදු හකුරු කෑල්ලක්,පැණි ටිකක් හොයාගන්න පුළුවන් වෙන එකක් නැහැ..රට ඉඳන් ආපු යාලුවො “මචං පැණි ටිකක්,හකුරු ටිකක් හොයාගන්න පුළුවන් ද” කියලා කෝල් කරන්නෙ උන් දන්නවා මේ පැතිවල තවම පිරිසුදු හකුරු ටිකක් පැණි ටිකක් හොයාගන්න පුළුවන් වග…
“පොටෝ උස්සපුවා කෙළින්කන්ද පැත්තෙන්🤣”

බුද්ධික අතුකෝරල