කිරි දරුවාට මව් සෙනෙහස ලබන්න මේ අම්මාට වකුගඩුවක් දෙන්න…

0
275

කිරි දරුවාට මව් සෙනෙහස ලබන්න මේ අම්මාට වකුගඩුවක් දෙන්න…

වේයන්ගොඩ, මාලිගාතැන්න අංක: 324/01 නිවසේ පදිංචි මධුරිකා ලක්මාලි නම් මෙම තරුණ මව දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන අතර ඇය මේ වන විට කොළඹ මාලිගාවත්ත වෘක්කීය හා කාන්දුපෙරීමේ ආයතනයේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතාගෙන් ප්‍රතිකාර ලබමින් සිටී.

අවු:4ක් වයසැති කුඩා දරුවෙකුගේ මවක් වන ඇය මේ වන විට සිටින සෞඛ්‍ය තත්වය මත ඇගේ එම සිඟිති දරුවාගෙන් පවා ඈත් කොට තබන්නට සිදුව තිබේ. මධුරිකාගේ ස්වාමිපුර්ෂ්‍යා වූ නිශාන්ත මහතා අප සමඟ හැඩූ කැඳුළින් පැවසුවේ… යම් හෙයකින් සිය ආදරණීය බිරිඳට සරිලන වකුගඩුවක් සොයා ගැනීමට නොහැකි වුවහොත් ඇගේ ජීවිතය පිළිබඳව බලාපොරොත්තු දල්වා සිටිය නොහැකි බැවින් තම සිඟිති දරුවාට මවගේ උණුසුමෙහි මතකය අමතක කිරීමේ අරමුණින් මවත්, දරුවාත් අතර බැඳීම් මෙසේ දුරස්කොට තබන්නට තමන්ට අකමැත්තෙන් වුවද සිදුව ඇති බවය.

ඇයගේ රුධිරය පිරිසිදු කිරීමේ (Dialysis) කාර්ය සඳහා සතියකට මුදලින් රුපියල් 8500/- ක් පමණ අවශ්‍ය වන බවත් නිශාන්ත අප සමඟ වැඩිදුරටත් සඳහන් කළේය. වෙළඳ භාන්ඩ විකිණුම්වරයෙකු වශයෙන් රැකියාවෙහි නිරත නිශාන්තට මෙවන් විශාල මුදලක් සොයා ගැනීමට අපහසුය. නමුත් ඔහු ධෛර්යෙන් යුතුව මේ වන තෙක් තම යුතුකම් කොටස ඉටුකරමින් පසුවෙති. ඔහු සිය බිරිඳ හා දරුවා වෙනුවෙන් කරන්නා වූ මෙම උතුම් කැපකිරීම අප කාටත් ඉතා හොඳ ආදර්ශයකි.

ගිලනුන්ට උපස්තාන කරමින් හෙදියක වශයෙන් රැකියාව කළ මධුරිකා නම් ඇය.., අද ගිලන්ව ඔබෙන් යදින්නේ ජීවිතයයි. දෝරෙ ගලන මව් සෙනෙහසින් තම සිඟිති දරුපැටියාව පපුවට තුරුළු කරගන්නා ඒ සුන්දර දිනය එලබෙන තෙක් මේ අසරණ අම්මා දෑස්වල කඳුළු පුරෝගෙන බලන් ඉන්නවා තවමත්…

ඇයට උපකාර කරන්න ඔබට පුලුවන්නම්… කතාකරන්න… 075 2033978 – (නිශාන්ත)

මධුරිකා ලක්මාලිට අවශ්‍යව ඇත්තේ බී පොසිටිව් වර්ගයේ වකුගඩුවකි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි යම් පින්වතෙක් වේ නම් නොපමාව ඉහත අංකයට කතා කරන ලෙස අප ඔබගෙන් ඉල්ලා සිටිමු. තවද, මධුරිකාගේ පවතින සෞඛ්‍ය තත්වය මත ඇයට මේ වන විට අවශ්‍යව ඇති ප්‍රතිකාර හා බෙහෙත් සදහා වැයවන මුදල සොයා ගැනීම පිණිස පිංවත් ඔබට හැකි පරිදි මුදලින් ඇයට පරිත්‍යාගයක් කරන්න.

පී. ඒ. නිශාන්ත සුදර්ශන

සම්පත් බැංකුව – නිට්ටඹුව ශාඛාව

ගිනුම් අංක: 107154268614

එසේ ඔබ කරන්නා වූ පිං බලෙන් ඔබට නීරෝගිමත් සෞඛ්‍යයෙන් හෙබි වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට හේතු වාසනා වේවායි පතමි. තෙරුවන්සරණයි…!

වකුගඩු ආශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුර පි‍්‍රයන්ත හේවාගීගන මහතා විසින් නිකුත් කර ඇති වෛද්‍ය වාර්තාව…

මධුරිකා ලක්මාලිගේ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත…

බැගෑපත් ඉල්ලීමකි… මෙම ලිපිය ඔබෙ මිතුරන් අතර Share කරන්න කාරුණිකවන්න…

www.gampahanews.com