කිරිසප්පයින් නොහඳූනන – කාමාතුරයාගේ ඇප අහෝසියි – නැවතත් බන්ධනාගාරයට

0
93

DSC_0088(5.45pm)මීගමුව අධිකරණ සංකීර්නය ඉදිරිපිටදී  අද පැවතුණ විරෝධතාවයවයට හේතුවී තිබුණේ පෙබරවාරි 01 වනදා සිරිවර්ධන පෙදෙසේ සිදුවූ ළමා අපචාර සිදුවීමකි. හය හතර නොදත් කිරි සප්පයෙකු රවටා ගෙන ගොස් ලිංගික හිරිහැර සිදුකර තිබූ මෙම පුද්ගලයා එම ග්‍රාමයේම පුද්ගලයෙකි. සිදුවීමෙන් පසු දැරිය වෛද්‍ය ප්‍රතිකාර සදහා මීගමුව රෝහලටත් අනතුරුව කොළඹ මහ රෝහලටත් ඇතුළත් කළ අතර 41 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. අද (14) වනදා අධිකරණයට එම සැකකරු ඉදිරිපත් කළ අතර ඔහුගේ ඇප අවලංගු කරමින් නැවතත් මෙම පුද්ගලයාව මේ මස 27 වනදා දක්වා නැවතත් බන්ධනාගාර ගත කරන  ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here