කුඩු නැතිව අසනීප වන 200 ක් පමණ මීගමු බන්ධනාගාරයේ ඉන්නවා…..

0
89

IMG-20201004-WA0001

ඊයේ (3දා) දළුපත විද්‍යාලයේ පැවති සුරකිමු ලංකා ( ප්‍රජා ප්‍රජා පොලිස් ඒකකයේදී ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ කරුණු ගනනාවක් සාකච්ඡාවට භාජනය විය.

මේ වනවිට මත්ද්‍රව්‍ය වැටලීම් නිතර සිදුවන බැවින් කුඩු භාවිතයේ යෙදෙන්නන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව මීගමුව ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ඩයස් මහතා පැවසීය. මේ අනුව මීගමු බනධනාගාරයේ 200 ක පමණ පිරිසක් කුඩු නැති නිසා අසනීප වන බව ඔහු මේ පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ප්‍රකාශ කරන ලදී.
මේ ගැන සිදුවූ සාකච්ඡාවේදී එහි සභාපති මාකස් ප්‍රනාන්දු මහතාද මේ ගැන අදහස් පළ කරමින් මත්ද්‍රව්‍ය අඩුවීම හේතුවෙන් දළුපත විශෝධනාගාරයේ සමහර තරුණ පිරිස් දිෂ්ඨිවූ අකාරයකින් හැසිරෙන බවත්, එසේම මේ හේතුවෙන් සමහරු සියදිවි නසා ගන්නා බවත් , පැවසීය. මේ අනුව දළුපත එක් තරුණයෙක් සහ පල්ලන්සේන ප්‍රදේශයේ තරුණයින් 4 දෙනෙකුද මෙසේ සියදිවි නසාගත් බව ඔහු පෙන්වා දෙයි.
කෙසේ නමුත් මෙය මුළුමනින්ම නැති කළ හැක්කේ අප සියළු දෙනාගේ කැපවීම මත බව මීගමු පොලීසියේ දළුපත ප්‍රදේශය භාරව කටයුතු කරන තුෂාර මහතා පවසයි.IMG-20201004-WA0002