කුඩු වික්කේ නෑ!හොරකම් කළේ නෑ!තිත්ත ඇත්ත කිව්වා ! සමාව ගන්නේ නෑ- රන්ජන් ( විඩියෝ )

0
163

උසාවියට අපහස කළැයි රන්ජන් රාමනායකව බරපතල වැඩ සහිතව වසර 4 කට හිරේ යවා ඇත.
මේ දඩුවම ඔහුට හිමිවන බව ඔහු කල් සිටම ප්‍රසිද්ධියේ අවස්ථා ගණනාවකදි පවසා තිබුණි.
උසාවියෙන් එළියට එන අවස්ථාවේදි පවා පෙනුනේ තිත්ත ඇත්ත කථා කිරිමට තවමත් හයියක් ඔහුට ඇති බවය.
වැලිකඩටත් ඉන් අනතුරුව දළුපත නිරෝධායන මධ්‍යස්ථානය වෙතත් රැගෙන යාමට බන්ධනාගාර නිළධාරින් සමගින් යන අතරේත් රංජන් තිත්ත ඇත්තම කථා කළේය.
කුඩු වික්කේ නෑ. හොරකම් කළේ නැ.තිත්ත ඇත්තම කථා කළා .මුන් හොරු මල්ලි . සමාව ගන්නේ නැ..යනුවෙන් මාධ්‍යවේදින් සහ ඔහුට දිරිය දිමට පැමිණ සිටි පිරිස හමුවේ කියා සිටියේය.
දළුපත හිරකඳවුර පිහිටා ඇත්තේ රාජපක්ෂ පාලනය යටතේ ප්‍රකෝටිපතියෙකු වු රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ නිවසට මිටර් 500 ක පමණ දුරකිනි