කුණාටුවෙන් විපතට පත් ධීවරයින්ගේ රැකියා තවමත් අඩාලයි ?

0
169

missing boatඉතා දරුණු ලෙස හැමූ වැසි සහිත කුණාටුවකින් පසු මිනිස් ජීවිත සහ ද‍ේපල හානි සමග  නොවැම්බරය    අවසන්විය.  නමුත් මෙහිදී  දුකට පත් මිනිස්සු පිළිසරණක්  පතා වගකිවයුත්තන් සොයා  දුවයන ආකාරය  කණගාටු දායක දර්ශණයකි. තමන්ට ජීවිකාව සරිකර ගැනීමට  තිබු එකම මාර්ගයවු  ත‍ෙප්පම්  සහ බ‍ෝට්ටුව සුළගට ගසාගෙන ගොස්  වැලි වලින් යටවි ආම්පන්න  විනාශවී යාම හේතුවෙන්  දුකටපත් ධීවරයෙක් වන  වැල්ලවීදිය  රන්ජන් තිසේරා මීගමුව ධීවර කාර්යාලයට පැමිණ ඵහි නිලධාරීන් සමග සිදුවු කාරණය පැහැදිළි කළා.
වැල්ලවීදිය කුට්ටිදුව ලෙල්ලම අසල කරවල වාඩිය ඉදිරිපිට වැල්ලට යටවී තිබු බෝට්ටුව ගැක මෙසේ අදහස් පළකළා.
”2017/11ර/19 දින මග‍ේ බෝට්ටුව සහ ත‍ේප්පම වෙරළේ  ආම්පන්න සමග උඩට ඇදලයි තිබුණේග කුණාටුවට ඒවා  පහලට ගසාගෙන  ග‍ොස් තිබුණා. තවමත් බ‍ෝට්ටුව තිබුණු තැනමයි. උඩ වැලිතට්ටුව අපි ඉවත් කළා. සාධාරණයක් ඉටුකර ගන්න තමයි ධිවර කාර්යාලයට  ආවේ.”
ධීවර කාර්යාලය ද  මේ වනවිට ධීවරයින් සදහා සපයන සහනාධාර පිළිබදව අදාළ කටයුතු  කරමික් සිටින බව දක්නට තිබින.


සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි