කුණු කසල කළමණාකරණයට සහය දෙන්න – නගර සභාවෙන් ඉල්ලීමක්

0
543
මීගමුව මහ නගර සභාව බල ප්‍රදේශය තුල නිවෙස් වලින් කුණු ඉවත දැමීමේදී  දිරන නොදිරන කුණු ලෙස වෙන් කරන මෙන් මීගමුව නගර සභා සෞඛ්‍ය අංශය මීගමු ජනතාවගෙන් ඉල්ලයි.
පසුගිය දිනවල මීගමුවේ ඇති වූ කුණු කසල සම්බන්ධයෙන් මතුවූ  අර්බුදයක් මතුවූයේ කොච්චිකඩේ ඔවිටියාවත්ත ප්‍රදේශවාසින්  විසින් ඒ ප්‍රදේශයේ කුණු දැමීම පිළිබද සිදුකළ  විරෝධය හේතුවෙනි. මේ වනවිට එම ප්‍රශ්නය අධිකරණයට ගොස් ඇති අතර  උසාවි නියෝගයක් පරිදි එම කුණු වලට කුණු දැමීමට අධි කොන්දේසි සහිතව ඉඩ ලබා දී ඇත.
එම කොන්දේසි වල ප්‍රධාන කාරණාව වන කුණු වෙන්  කර දැමීම හා නොදිරන කුණු අවම කිරීම යන්නයි.
ඒ හේතුවෙන්  මිගමු නගර සභා කුණු ට්‍රැකටර් රථ කුණු එකතු කිරීමේදි වෙන් කිරීමක් සිදු කරයි.
එයට පහසුවන පරිදි නිවෙස් වලින් කුණු බැහැර කිරීමේදි දිරාපත් වන  කුණු  කසල හා නොදිරන කුණු වෙන් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටි.
එමෙන්ම නොදිරන කුණු එකතු කරන්නේ සතියකට එක් වරක් බවත් මීගමුව මහ නගර සභාවේ ප්‍රධාන මහජන  සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් මීගමුව   ජනතාවට දැනුම් දෙයි.
16302958-recycling-baskets-plastic-glass-and-paper-segregation-isolated19617507-garbage-ready-to-recycle-glass-and-metal