කුමන්ත්‍රණ ආණ්ඩුව නිසා මීගමුවේ සංචාරක කර්මාන්තයත් හබක් ! මාළු අපනයනයත් කොට උඩ !

0
129

tourismකුමන්ත්‍රණ ආණ්ඩුවේ ආනිසංස දැන් මිගමුවට තදින්ම දැනෙනට පටන් ගෙනය. ඒ රටට විදේශ විනිමය කැන්දන ප්‍රධාන ක්ෂේත්‍ර 2කක් වු මත්‍යස්‍ය අපයනයත් එමෙන්ම සංචාරක කර්මාන්තයත් අර්බුදයට යමින් තිබිම හේතුෙවනි.
අද අප අමතා කථා කළ හෝටල් ව්‍යාපාරිකයන් කිපදෙනෙකුම කියා සිටියේ මේ අර්බුදය පටන් ගැනිමත් සමගින් සංචාරයන්ගේ පැමිණිම බෙහෙවින්ම අඩුවි ඇති බවයි.
අඩු ගණන් ගුවන් ටිකට් පත් කල් ඇතිව මුදල් ගෙවා වෙන්කරගත් එහෙත් ඒවා වෙනස් කරගත නොහැකි ඉතාමත් සිමිත පිරිසක් පමණක් පැමිණියද අති බහුතරයක් දැනටමත් වෙනත් ගමනාන්තයන් කරා සිය නිවාඩුව ගත කිරිම සැලැසුම් කරගෙන තිබේ.
අප ඇමතු එක් හෝටල් ව්‍යාපාරිකයෙකු කියා සිටියේ පසුගිය 26 වෙනිදා සිට තම ව්‍යාපාරය කිසිදු ආදයමක් නොලැබු බවය.
මේ අතර බහුදින ධිවර යාත්‍රා හිමියන්ද කියා සිටින්නේ විදේශ අපනයනය සදහා යොදාගැනෙන් සප්පරු වැනි මසුන්ගේ මිළ දැන් ඉතාමත් පහලට වැටි ඇති ඒ අඩුමිලට හෝ කව්රුන් වත් මාළු මිලට  ගැනිමට ඉදිරිපත් වන්නේ නැති බවත්ය.
අපනයන නිසි අයුරින් පැවැති සමයන්හිදි  සප්පරු කිලෝවක් රු 1200 කට පමණ මිළ වුවද අද එය රු 500 ටවත් ගැනිමට ගැණුම්කරුවන් නොසිටි බවය.
ඉන් කියැවෙන්නේ කොයි මොහොතේ හෝ GSP + සහනය නතර කරතැයි මසුන් මිළට ගන්නා කොම්පැණි විසින් බලා සිටින බවය. මේ නිසාම ඔවුන් විසින් මසුන් මිළට ගැනිමද මේ නිසා අඩුකර තිබේ.
මින් කියැවෙන්නේ අතිශය භයංකාර ආර්ථික අර්බුදයක් අදාල ක්ෂේත්‍රයන් මගින් සමාජයට විශාල බලපෑමක් සිදුකිරිමට නියමිත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here