කුමුදුවැලි හෝටලයේ බූරු පොළ පොලිසියෙන් වටලයි ! මීගමුවේ ප්‍රබල දේශපාලන චරිතයකුත් මාට්ටු ?

0
349

card packනයිනමඩම ප්‍රදේශයේ කුමුදුවැලි හෝටලයේ බූරු ගසමින් සිටි පුදුගලයින් 28 දෙනෙකු ව හලාවත දූෂණ මර්ධන ඒකකය විසින් දැනට සතියකට පමණ පෙරදී අත්අඩංගුවට ගන්නා ලදී.
ඒලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් 28 දෙනා අතරින් පුද්ගලයින් 08 දෙනෙකුව සහ මුදලින් එක් ලක්ෂ එකහමාරක මුදලක් හලාවත දූෂණ මර්ධන ඒකකය විසින් වෙන්නප්පුව පොලීසියට බාරදී ඇති අඅතර ඉතිරි මුදල් සහ තවත් පුද්ගලයින් 20 දෙනෙකු ට නිදහස් කර ඇත.
මේ සම්බන්ධයෙන් පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කර ඇති අතර වැටලීමට සහභාගී වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය මේවන විටතහනම් කර ඇති බව වාර්තාවේ.
කුමුදු වැලි රිසෝට් හි ප්‍රධානියාගේ කටඋත්තරය පරිදි එම ස්ථානයේ ලක්ෂ 10ක පමණ මුදලක් තිබී ඇති අතර එම මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් වැටලීමට සහභාගී වූ නිලධාරීන් පිළිබඳව සැකයක් මතුවි ඇත.
එදින රාත්‍රියේ බුරු ගැසීමට පැමිණ සිටි පුද්ගලයින් අතර මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලකයෙකුගේ පියා ද සිට ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් පොලිසිය විසින්  මීගමුවේ අදාල ප්‍රබල දේශපාලන චරිතය මුදාහරින්නට කටයුතු කර තිබේ.