කුරණ දරුවෙකුත් ඩෙංගු රෝගයෙන් මියයයි!

0
68

kurana dengu protestපසුගිය දින කිපය පුරාම කුරණ ප්‍රදේශයේ ඩෙංගු රෝගය සිඝ්‍රයෙන් පැතිර යන බව එහි ප්‍රදේශවාසින් විසින් අදාල සියළු  බලධාරින්ගේ අවධානයට යොමුකොට  තිබුණි.මේ පිළිබදව අවස්ථා ගණනකදිම අප විසින්ද මතුකළෙමු.සිරිල් ගාමිණි පියතුමන් ඇතුළු කිතුණු ප්‍රජා මුලිකයන්ගේද නායකත්වයෙන් ගිය ඉරිදා ශ්‍රමදානයක්ද සංවිධානය කෙරුණේ අදාල රාජ්‍ය ආයතනයන් විසින් සිය වගකිම්  නිසි ලෙස ඉටුනොකර තිබුන පසුබිමකදිය.එමෙන්ම ප්‍රදේශයේ සිවිල් ප්‍රජා සංවිධාන විසින් පසුගිය කාලය පුරාවටම පුළුල් මැදිහත්විමක් ඔවුන්ගේ හැකි ප්‍රමාණයන්ගෙන් සිදුකර තිබුණද අනෙකුත් වගකිය යුතු රාජ්‍ය ආයතන සිය වගකිම් නිසි ලෙසින් ඉටුකර තිබුනේද යන ප්‍රශ්ණය දැන් නිරන්තව පැන නැගෙමින් තිබේ.tmp_15502-image-0-02-06-9a57cd444936653f65bd8c0c3b241c6c37fe0a311e3700012120479786256a96-V649492631tmp_15502-image-0-02-06-ae712715e1f14fec7106ca22849ee7f0d3b17ecb3dae271fbf05771af49a9479-V-1226101261ඩෙංගු රකුසාට එරෙහිව මෙසේ ගම පෙලගැසෙද්දි එය පමා වැඩිවන්නේ අද කුරණ ගමට ගෙන ආ දුක්මුසු පුවතත් සමගින්ය.කුරණ පමණක් නොව මුලු මිගමුවේ ම ඩෙංගු පාලනය කරගැනිමට නොහැකි වු  නාගරික කොමසාරිස් පාලනය ඇතුලු සමස්ථ පරිපාලන අධිකාරියේම නොසැලකිල්ලට මේ වන විට කුරණ කුඩා දරුවෙකුට සිය ජිවිතයෙන්ම වන්දි ගෙවන්නට සිදුව ඇත.මෙහි වඩාත් ශෝචනීය කරුණ වි ඇත්තේ කුරණ ප්‍රදේශයේ වැඩිවන ඩෙංගු වසංගත තත්වය ගැන පෙරට පැමිණ වැඩකටයුතු කළ අප හිතවත් ග්‍රාමනිළධාරි මහතාගේ සොහොයුරාගේ දරුවෙකු මෙසේ ඩෙංගු මාරයාට පරාජය විමය.මිගමුවේ කිසිදු රෝහලක ඉඩකඩ නැතිවු තිබුන හෙයින් මේ දරුවාව ප්‍රතිකාර කිරිම සදහා කොළඹ පුද්ගලික රෝහලකට ගෙනයන්නට ඒ⁣ දෙමව්පියන්ට සිදුව අැත.මිගමුවේ තත්වය දැන් ඒ තරම්ම භායනකය.