කුරණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු, වෙඩි වැදී රෝහලේ

0
50

පසුගිය 14 වනදා කුරණ රණවිරැ අනිල් ද සිල්වා මාවතේ පදිංචිව සිටින පුද්ගලයෙකු හට කිසියම් පුදගලයෙක් විසින් වෙඩි තබා පලාගොස් තිබේ. වෙඩි වැදී ඇත්තේ 32 හැවිරිදි තිදරැ පියෙකු හටය. ඔහු වාහන සර්විස් කිරීමේ ව්‍යාපාරයක හිමිකරුවෙකු වන අතර මෙම වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ ඔහු සිය නිවසේ රූපවාහිනිය නරඹමින් සිට ඇත. වෙඩි වැදී ඇත්තේ ඔහුගේ උදරයට වන අතර මේ වන විට ඔහු මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. වෙඩි තැබීම සිදුකර ඇත්තේ යතුරු පැදියකින් පැමිණ බව මීගමුව පොලීසිය සැක පළ කරයි.