කුරුණෑගල අතහැර මහින්ද මීගමුවට ආවේ ඇයි ?

0
54
රැනොවෙල් හෝටලය විවෘත කළ දා

MRමහින්ද පාර්ශවයේ බොහෝ රැස්විම් පසුගිය කාලය තුල පැවතියේ කුරුණෑගලදිය.
එහෙත් දැන් එය මීගමුවට මාරුවි ඇති සෙයකි.
ඒ දින 10 ඇතුලත හිටුප ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙන් රැස්විම් 2 කක් මීගමුව තුල පැවැත්විමට කටයුතු සිදුව තිබෙන නිසාය.
තමන් ඡන්දය ඉල්ලනට සුදුසු යැයි සිතා මැතිවරණය තරග කළ මහින්ද රාජපක්ෂ මහතා සිය බලවේගය මෙහෙයවිමේදි මීගමුව තෝරා ගනු ලැබුවේ ඇයි ?
මීගමුව යනු මහින්ද රාජපක්ෂ පාලන සමය තුලදි වැඩියෙන්ම කලු සල්ලි උපයපු නගරයයි.
නැසි ගිය ජේයාරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා එහි  පෙරගමන් කරුවා විය.
සුනාමි සමයේ මෙන්ම ඉන්  පෙරත් පසුවත් විවිධ ක්‍රම ඔස්සේ කෝටි ප්‍රකෝටි ගණනින් මීගමුව කෙන්ද්‍රකොට ගනිමින් මේ කලු සල්ලි ඉපැයිම පමණක් නොව විවිධ කටයුතු හි ආයෝජනය කිරිමද සිදුවිය.
ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාට ඉතාමත් සමිපව සිටි බඩියන් කිපදෙනෙකු විය.
උපයනු ලැබු මේ කලු සල්ලිවලට හවුල්කම් කියන්නට මේ සමිපතමයන් කිපදෙනා හටද වාසනාව උදාවි තිබුණි.
මේ නිසා එකල ක්‍රිඩා ගුරුවරයෙකු ලෙස සිටි ධනේශ් නැමැත්තා සුපිරි පන්නයේ හෝටල් ගණනාවක හිමිකරුවා වන්නටත් සුපිරි කාර් එකතු කිරිම විනෝදාංශයක් කරගන්නටත්  තරම් වසනාවත්තයෙකු විය.
මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට දිනයේ රැස්විම පවත්වනු ලබන ලංකාවේ සිතියම් ගත ඇලක් ගොඩකරමින් ඉදිකරන ලද රැනෝවේලි හෝටලයේ හිමිකරු වන රවි නැමැත්තාද ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ සමිපතම හිතේෂිවන්තයන් කිපදෙනාගෙන් එක් අයෙකුවිම නිසාම සුපිරි පන්නයේ රැනෝවෙල් හෝටලයේ හිමිකරුවා වන්නට තරම් වසනාවත්ත  වි සිටි.
නිමල් ලංසාගේ දේශපාලන ගුරුවරයා වු ප්‍රනාන්දුපුල්ලේ මහතා ගෙන්  තරුණ ලංසා මහතා උගත් දේ බොහෝය.ඒ සියල්ල ආයෝජනය කරමින් නිමල් ලංසා සිය දේශපාලන ස්ථාවරය ගොඩනගා ගති.
පසුකලෙක හෝටල් අංශයෙන්ම ඉදිරියට යන්නටත්  ඔහුට මංපෙත් විවර විය.
ජේයාරාජ් ප්‍රනාන්පුල්ලේ මහතාගේ සමිප ඇසුරේ සිටි කිසිවෙකුටත් මේ නිසා කිසුදු අවැඩක් සිදුනොවුණි.
වසර දෙක තුනකින් කෝටිපතියන් විමේ වරම් ලැබුණි.
මේ අනුව කලු සල්ලි මතින් පාලනය වු මීගමුව ජෙයරාජ්ගෙන් පසුවහිමිවුයේ  රාජපක්ෂ පවුලටය.
.බැසිල් රාජපක්ෂ ගම්පහ වෙනුවෙන් ඒ වගකිම භාරගත් දේශපාලකයා විය.
නිමල් ලංසා යනු බැසිල් රාජපක්ෂගේ විශ්වාස වන්තට කිට්ටුවන්තයා විය.
ජේයාරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහාතාගේ ඇසුරේ සිටි සමිපතයන් කෝටිපතියන් වු අන්දම හොදින්ම දන්නා නිමල් ලංසා බැසිල් රාජපක්ෂලා වෙත අන් අයට ලංවන්නට කිසි සේත්ම  ඉඩක් ලබාදුන්නේම නැත.
ඒ අන් අය වෙතට කෝටි ගණන් බෙදි යාහැකි යැයි සිතු නිසා වන්නට ඇත.
දෙවන යුගයේ කලු සල්ලි මැෂිමේ හිමිකරුවා වන්නේ බැසිල් රාජපක්ෂය .
ඔහුගේ දේශපාලන හිතවතා වු නිමල් ලංසා මේ සියල්ලේ වාසිය ලබමින් කෝටිපතියෙකු වෙමින් දැන් හෝටල් ව්‍යාපාරය වෙතට පදනම් යොදා හමාරය.
මේ අනුව බලන කළ රාජපක්ෂ පාලනයේ අනුහසින් ඉතා ඉහලින් ගොඩගිය පවුල් කිපයක් සිටින මීගමුවට පැමිණ ඒ කලු සල්ලි හිමිකරුවන්ගෙන් අවැසි පහසුකම් ලබා කථා දමන්නට රාජපක්ෂලාට නොසිතේ නම් එයම පුදුමයකි.
තමන්ට ලක්ෂෙට කොඩි දමන්නට පාරකැපු රාජපක්ෂලා වෙනුවෙන් අතදිගහැර වියදම් නොකරන සල්ලි මක්කටැයි ලංසාටද හිතෙන්නට ඇත.

.