කුලී නිවැසියන්ගේ ඡන්ද අයිතියට වැට බඳින්නේ කව්ද ?

0
67

(9.10am) කටාන  ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාශයෙ   විවිධ  රැකියාවන්හි  නියැලෙමින්
සිටින   නමුත්  ඉන්නට  තැනක්  නැතිනිසා  කුලියට  පදිංචිවී  සිටින
ජනතාවගේ  ඡන්ද  අයිතිය  පිළිබඳව  ප්‍රශ්නයක්  මතුවී  ඇති  බවත්
විශේෂයෙන්    මෙම  ප්‍රශ්නය  ඉදිරිපත්වී  තිබෙන්නේ  අක්කර  50 ප්‍රදේශයේ
93/D  කොට්ඨාශයෙන්  බවත්  අපට  ආරංචි  විය.  මේ  අනුව  මෙම ප්‍රදේශයේ
ග්‍රාම  නිලධාරි  මහතා    කුලීනිවැසියන් ට   ඡන්දය  සඳහා  ලියාපදිංචිවීමට
නම්    තමන්  පදිංචිවී  සිටින  නිවෙස්වල  අයිතිකරුවන්ගෙන්   ලිපියක්
ඉල්ලා  සිටිනබව   වාර්තා විය.

මෙම  කරුණ  සම්බන්ධයෙන්
මැතිවරණ  කාර්්‍යාලයේ   පරිපාලන   නිලධාරී
කපිල  මහතා ප්‍රකාශ කලේ   තමන්   අදාල  නිවසේ  පදිංචිව  සිටින  බවට
තහවුරු  කෙරෙන  මොනයම්  හෝ  ලියැවිල්ලක්  (  බදු ගිවිසුමක්,  කුලී
ගිවිසුමක්  වැනි)  ඉදිරිපත්  කිරීමෙන්  තමන්ගේ  ඡන්ද  අයිතිය  රැක ගතහැකි
බවයි.    නමුත්  මෙම  පිළිතුරෙහි  ප්‍රයෝගික   ගැටළු  තිබුනු  හෙයින්
නැවත  ගම්පහ   මැතිවරණ  කාර්්‍යාලයට  ඇමතුවෙමු.  මෙම  අවස්ථාවේ   එක්
නිලධාරි  මහතකු  විසින්  කියාසිටියේ   නිවාස හිමියන්  එසේ  ලිපියක්  දීම
ප්‍රතික්ෂේප  කළද  පුද්ගලයෙකුගේ  ඡන්ද  අයිතිය  වැලැක්විය  නොහැකි  බවයි.
මෙවැනි  අවස්ථාවකදී   එම  කුලී  නිවැසියාගේ   එකී  අයිතිය  රැකගැනීමේ
වගකීම  පැවරී  ඇත්තේ  අදාල  ග්‍රාම  නිලධාරි  මහතාට  බව ඔහු   පැහැදිළි
කරන  ලදී.

මේපිළිබදව  තවදුරටත්  කරුණු  දැක්වූ  ඒ  මහතා   අහිකුණ්ඨික  ජනතාවට  පවා
ඡන්ද  අයිතිය  ලබාදීමට  වැඩපිළිවෙලක්  සදහා  සාකච්ඡා   පැවැත්වෙන   බවත්,
එසේ  තිබියදී  මෙසේ  ජනයා   ඡන්දය  දීමෙන්  වැලැක්  වීමට  කිසිඳු
හැකියාවක්  කිසිවෙකුට  නැති  බවත්ය.  එසේම  මෙවැනි
අවස්ථාවකදී  අසාධාරණයක්  සිදුවී  නම්  මේ  පිළිබදව  තැපෑලෙන්  හෝ  පැමිණ
පැමිණිල්ලක්  ඉදිරිපත්කර   සාධාරණය  ඉටුකර  ගැනීමේ  හැකියාවක්  තිබෙනelection-1(1)
බවද    මැතිවරණ  කාර්්‍යාලයේ  මෙම   නිලධාරි  මහතා  පැහැදිළි  කරන  ලදී.