නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 52 දෙනෙකු ඒ අනුව ඊයේ දිනය තුළ හඳුනා ගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ හඳුනා ගැණුනු එම ආසාදිතයින්ගෙන් 49 දෙනෙකු කුවේට් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි.
ඉන් 42 දෙනකු මින්නෙරිය නිරෝධායන සිටි පුද්ගලයින් වන අතර අනෙක් 07 දෙනා ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් බව වැඩිදුරත් එහි සදහන්ව තිබේ.
ඊයේ දිනයේ හඳුනා ගැනුණු අනෙක් ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙකු නාවික හමුදා සමාජිකයෝ වෙති. අනෙක් තැනැත්තා ඉන්දුනිසියාවේ සිට පැමිණ ඇති අයෙකි.
මේ සියළු දෙනාම හදුනාගෙන ඇත්තේ නිරෝධානය මධ්යස්ථාවලදි සිදුකරන්නට යෙදුන පරික්ෂණවලදිය.