කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සීදුවේදි අත්අඩංගුවට …

0
296


අමෙරිකාවේ සිට ගුවණින් පැමිණි ලක්ෂ අසූවක් පමණ වටිනාකමක් ඇති ග්‍රෑම් 1150ක බරැඇති කුෂ් මත්ද්‍රව්‍ය බහාලු ගුවන් භාණ්ඩ පාර්සලයක් සීදූව ප්‍රදේශයේ පිහිටි කොළෙම්බෝ කාගෝ නම් රේගු භාණ්ඩ මුදාහරින රේගු ගුඳමේදී රේගු දැලේ පැටලෙයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් ඉතා සුරක්ෂිතව සීත කළ ග්‍රීන් ටී වැනි සිසිල් බීම වර්ග තණන කුඩා යන්ත්‍රයක් බහාලු පෙට්ටියක සගවා එවා තිබියදී ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂක ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්ප්‍රිය මහතාගේ අධික්ෂණය සහ දැඩි නියෝගය මත ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක අජිත් දුමින්ද මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද ඉස්වරම් මහතා, රේගු අධ්‍යක්ෂක රාජරත්න මහතා, නියෝජ්‍ය රේගු අධිකාරී නුවන් අබේනායක, ඇතුලූ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පිරිසක් විසින් මෙ වැටලීම සිදු කර තිබුණි.

මෙලෙස ඉතා සුරක්ෂිතව සිසිල් බීමවර්ග තණන කුඩා යන්ත්‍රය ලෑලි පෙට්ටයක දමා එම ලෑලි පෙට්ටියේ හොර ලාච්චුවක් වැනි කුඩා කුටියක් සැක නොසිතෙන ලෙස තණා නිමකර එහි සගවා එවා තිබුණේ කොළඹ ප්‍රදේශයේ එක්තරා ව්‍යාජ ලිපිණයකටය. එම භාණ්ඩ රැගෙන යාමට කිසිවෙක් පැමිණ නැතිබවද අනාවරණය වේ.

මෙම වැටලීම පසුගිය 10 වනදා සිදුකළ අතර එම කුෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් එක්දාස් එකසිය පනහක ප්‍රමාණය සහ සියලූම භාණ්ඩ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට භාරදීමට කටයුතු කර තිිබු අතර මෙරටට මෙම මත්ද්‍රව්‍ය ගෙන්වන ලද පුද්ගලයන් කොටුකර ගැනීමට වැඩිදුර පරීක්ෂණ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් සිදුකරනු ඇත.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක අජිත් දුමින්ද මහතා – මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පාරජාතික අපරාධයක් ලෙෂ සලකන්න පුලූවන් බවද පැවසීය. මෙවන් මත්ද්‍රව්‍ය මේ වනවිට විවිධ ක්‍රමවේද භාවිතා කර ශීී්‍ර ලංකාවට ගෙන්වූ වද මොන ක්‍රමවේදයට පැමිණියත් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් පැය විසිහතර පුරාවටම දිවා රාත්‍රී කැපවී කටයුතු කරණ බවද පැවසීය.

නියෝජ්‍ය රේගු අධිකාරී නුවන් අබේනායක මහතා ජ් පවතින ව්‍යසන කාරිත්වය තුල ගුවන් තොටුපළ වලින් සහ වරායෙන් ගෙන්වන භාණ්ඩ යම් අඩුවක්ව පවතින සමයක මෙවැනි කුරියා සේවාවන් ඔස්සේ ඉතා කුඩාවට සහ විශාල ප්‍රමාණයන්ට යම් ජාවාරම් කරුවන් විසින් මත්ද්‍රව්‍ය ගෙන්වන බව අපිට ඉව වැටී හමාරයි. අපි නිරන්තරයෙන් ඒ පසු පස හභායාම වැටියෙන් සිදුකරණවා. එවන් අවස්ථාවක තවත් ප්‍රතිපලයක් තමයි මෙම කුෂ් මත්ද්‍රව්‍ය රේගු දැලේ පැටලෙන්නේ. මේ වනවිට තරුන යන් අතර මෙම මත්ද්‍රව්‍ය ඉතා සිග්‍රයෙන් පැතිරී යන බවත් මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් රුපියල් හාරදාසේ සිට වර්තමාණයේ රුපියල් දසදහසක් පමණ මුදලකට අලෙවි වන බවද වෙළද පොලේ දැඩි ඉල්ලූමක් ඇති හෙයින් නොයෙකුත් ක්‍රම මගින් මෙරටට ගෙන්වන බවත් ඒ සියලූම මාර්ග හඳුනාගෙන ඇති බවත් එන සෑම ක්‍රමවේදයක්ම අභිබවා ගොස් ඉදිරියේදී මෙවන් වැටලීම් සිදු කරන බවද පැවසීය.


නිශ්ශංක- සීදුව