කූට මාලු වෙළඳුන්ගෙන් ප්‍රවේසම් වන්න

0
1119

IMG-20191017-WA0009මීගමුව , කුට්ටිදූව මාළු වෙළඳපලේ ඇතුළු වන ස්ථානයේ සහ අවට සිටින මාළු වෙළෙන්දන් ඉතා සාධාරණව තම වෙළඳාම කරන බව පෙන්වා පාරිභෝගිකයා රවටා මාළු විකුණන බවට ආරංචියක් ලැබිණ . මේ සම්බන්ධව විමසා බැලූකල පැහැදිළි වූයේ එය කලක සිට පවත්වාගෙන යනු ලබන්නක් බවය. අනෙක් කාරණය වන්නේ හොඳ සහ නරක මාළු මිශ්‍ර කරන බවක්ද සමහරු පවසති.

නිසි බරින් යුතුව මාළු කිරා දෙනබවට ඔවුන් තමන් ලඟට එන පාරිභෝගිකයාට අවධාරණය කිරීමට උත්සාහ කරති. එසේ අවධාරණය කිරීමෙන්ම හොරට කිරීම මෙහි සාමාන්‍ය තත්වයක් බවට ඔවුන්ම පෙන්වා දී ඇත.IMG-20191017-WA0012

මේ අනුව තරාදිය තම අරමුණට අනුව සකසා ගනිති . තරාදිය උඩ තබන තැටිය වෙනම තබාගෙන බර කිරන අවස්ථාවේ එය තැබීමෙන් එහි බරද මාළු බරට එක්වන බව මෙහි සිටින සාධාරණ වෙළෙන්දෝ අප සමඟ පැවසීය.

මෙම වෙළඳපලේ ආදායම ලබා ගැනීම පමණක් නොව එය නිසි ලෙස නඩත්තු කිරීමද ප්‍රධාන කටයුත්තකි .

මෙහිදී වැල්ලවීදිය දේවස්ථානය ප්‍රධාන වගකිවයුත්තෙකු ලෙස ධීවර ජනතාව කරුණු දක්වයි . මේ අනුව අප ඉල්ලා සිටින්නේ ඉහතකී හොරට කිරන තත්වය ගැන විමසා බලා යම් පියවරක් ගන්නා ලෙසය .