කූට ලේඛන සැකසු ආදායම් නිළධාරියාගේ පොලිස් පරික්ෂණ අවසන්ද ?

0
49

briberyමීගමුව මහනගර සභාවේ ආදායම් නිළධාරියෙකු  වු ලෙනාඩ් නැමැත්තා හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ ඉල්ලිම පිට සැකසු හොර වරිපනම් වාර්ථාව කූට ලේඛණ සැකැසිම යන අපරාධ වරදක් ලෙස නීතිය ඉදිරියේ ඇති බැවින් මීගමුව පොලිසිය විසින් එය අපක්ෂපාත ලෙස සිදුකරන්නේ නම් මෙතෙක් කල් නගර සභාවට තුල සිදුකරන්නට යෙදුන හොර ජවාරම් රැසක් ගැන කරුණු හෙලිදරව් කරගැනිමට හැකිවෙතැයි බදුගෙවන්න්ගේ සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු මීපුර අමතා විශේෂ ප්‍රකාශක් කර සිටියේය.
එහෙත් ගැටලුව වන්නේ මීගමුවේ ඇතැම් පොලිස් නිළධාරින් හා ලංසා පවුලට ඇති සම්බන්ධය නිසා මෙවැනි කරුණු සම්බන්ධයෙන් අපක්ෂපාත පරික්ෂණයක් සිදුවන්නේද යන ගැටලුවයි.
කෙසේ වෙතත් බරපතල වරදවල් ගණනාවකට සම්බන්ධ ලෙනාඩ් නැමැත්තා තවමත් නිදැල්ලේ සිටි,එපමණක් නොව ඔහු විසින් අති සුපිරි සුහද සංග්‍රහයන්ද නාගරික කොමසාරිස් ඇතුළු නගර සභා නිළධාරින් වෙත ලබාදි තිබේ.
මීගමුව බදුගෙවන ජනයාට එරෙහිව නිළධාරින් විසින් සිදුකරනු ලබන මේ වංචාවන් පිළිබදව මීගමුව නාගරික කොමසාරිස්වරයාගෙන් හෝ පොලිස් ඇතැම් නිළධාරින්ගෙන් සාධාරණයක් ඉටුවෙයිද යන්න බදුගෙවන ජනයා විමසා සිටිති.