කොච්චිකඩේ දිනපු එජාප මන්ත්‍රිට නගරාධිපති පාට් දාලා! ජනතා ප්‍රශ්ණ කථා කරන්න එපා කියලා !

0
74

dayan lansa mayor(9.15 pm ) කොච්චිකඩේ පැරණි වෙළද සංකිර්ණය අලුතින් ඉදිකිරිම සදහා කඩිමුඩි දඩිබිඩි නිමල් ලංසා වර්ගයේ වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරන්නට යන බව වාර්ථා වේ.
අදාල මුදල් සපයා ගන්නට යන්නේ බැංකු ණයකිනි. එය තවම අනුමත වි හෝ ඉල්ලුම් කර නැත.
අදාල ගොඩනැගිලි සැලැස්ම පවා සකස් ව ඇත්තේ අඩකි.
තතු මෙසේව තිබියදි දැනට පවතින වෙළද සංකිර්ණය බලහත්කාරයෙන් කඩා ඉවත් කිරිමට පියවර ගන්නා බව නගරාධිපති කියයි.
මේ ගැටළුකාරි තත්වය නිසා අද එහි ගොස් සිටි කොච්චිකඩේ ආසනය ජයගත් සුමිත් මන්ත්‍රිවරයාට මෙහිදි නගරාධිපතිවරයා පාට් එක දමා ඇත්තේ වෙළද සංකිර්ණයේ වෙළදුන්ද ඉදිරිපිටදිය,ඒ සුමිත් මන්ත්‍රිවරයා විසින් මේ සැලැස්මේ ඇති ඇතැම් ගැටළු පැහැදිලි කරගැනිමට ප්‍රශ්ණයක් අසන ලද අවස්ථවේදිය.
ඔයා මෙතනට අවශ්‍ය නෑ.ඔයාට ආරාධනාවකුත් නැනේ මෙතනට එන්න . මම මේක බලෙන් හරි කඩනවා.
එහිදි නොබියව නගරාධිපතිවරයා අභියෝග කර ඇති සුමිත් මන්ත්‍රිවරයා කියා ඇත්තේ මම කොච්චිකඩේ කොට්ටාශ්‍ය දිනපු මන්ත්‍රිවරයා ඇයි මට අයිතියක් නැ කියන්නේ ඇයි මම එන්න ඕනේ නැ කියන්නේ .
නගරාධිපතිවරයා සිය අධ්‍යාපන සුදුසුකම් වල තරම පමණක් නොව දේශපාලන දැනුමේ දිගපළලද මෙහිදි අපරුවට ප්‍රදර්ශණය කළ බව අපට කියා සිටියේ එහි සිටි වෙළද මහතුන් විසින්මය.
මෙහිදි මිගමුවේ බදුගෙවන ජනයාට කිව යුත් ඉතා වැදගත් කරුණක් තිබේ.එනම් එම අවස්ථාවට පැමිණ සිටි සරත් ගුණරත්න සහ සකාවුල්ලා මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිලාද යනුවෙනි.
ඔවුන් නගරසභා ව්‍යුහය තුල කව්රුන් වත් නොවේ.
එජාප මන්ත්‍රි සුමිත් යනු කොච්චිකඩේ කොට්ටාශයට  ඉදිරිපත් වු පොහොට්ටු අපේක්ෂකයා පරදවා ජයගත් නවක මන්ත්‍රිවරයෙකි.