කොච්චිකඩේට පොත්

0
45

පසුගියදා කොච්චිකඩේ නගරයට  මෙන්ම පාඨකයින්ට අලුත්  පුස්තකාලයක්  ලබාදෙන්නට මීගමුව නගර සභාව විසින් කටයුතු කර තිබුණි.  පළාත්සභා මන්ත්‍රී එම්. සකාවුල්ලා  මහතා මීගමුව නියෝජ්‍ය නගරාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී කරන ලද ඉල්ලීමකට අනුව මේ ආකාරයට කොච්චිකඩේ නගරයට නව පුස්තකාල ගොඩනැගිල්ලක් සහ අවශ්‍ය පහසුකම් ලබාදීමට  ප්‍රතිපාදන වෙන්කරමින් නගර සභාව විසින් මේ සඳහා මුලපුරා තිබුණි. මෙම නව පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවට මීගමුව නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එම් සකාවුල්ලා ඇතුළු නගර සභා නිලධාරීන් සහභාගී සිටියහ. 345Photo – M.Z. Sajahan