කොටදෙණියාව පොලිසියේ ආශිර්වාදය මත කරන් ගිය වැලි කැපිල්ල මාට්ටු වෙයි ?

0
118

vali case 1

vali case 4කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයට අයත් ගොඩිගමුව මුල්ලේයාය ප්‍රදේශයේ මාඔය ආසන්නයේ මහා පරිමාන්නයෙන් කොටදෙණියාව පොලිසියේ ආශිර්වාදය ඇතිව කරගෙන යනු ලබන පස් කැණිමේ  යෙදූණු ස්ථානයක් මිගමුව කොට්ඨාෂ දූෂණ මර්ධන අංශය හා විස මත්ද්‍රව්‍ය  ඒකකය විසින් පස් කැණිමට යෙදා ගන්නා යන්ත්‍රයක් පස් පැටවු ටිපර් රථ පහක් සමග සැකකරුවන් අට දෙනෙකු පසු ගිය 6 දින සවස අත් අඩංගුවට ගනු ලැබිය
පොලීසිය මෙම ස්ථානයට යන විට ටිපර් රථ පහකට පස් පටවමින් තිබු බවත් පටවමින් තිබු ඉඩෙමේ  පස් කැණිම සදහා බල පත්‍රයක් නොතිබුණු බව පොලිසිය ප්‍රකාශ කලේය
ආසන්නයේ ඉඩමක් සදහා අශ්ව බල 70ක ස්කැෙටිමර් යන්ත්‍රයක් යෙදවිමට වලංගු කැණිම් බලපත්‍රයක් සැක කරුවන් විසින් ඉදිරිපත් කල බවත් ඒ වන විට යෙදවා තිබු යන්ත්‍රයක් අශ්ව බල 100 වන බවද පොලිසිය තවදූරටත් පැවැසීය

.බලපත්‍ර සහිත ඉඩමට යාව ඉඩෙමේ  අඩි 8 පමණ ගැඹුරින් අඩි 60ක් පමණ දිග කාණුවක් කපා පස් පටවමින් නිබු බවත් එය වතුර බැස යාමට කාණුවක් කපන මුවාවෙන් මෙම පස් කපා අති බව පොලිසිය සදහන් කලේයvali case 6
මිගමුව කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුර අබේවික්‍රම මහතාගේ උපදෙස් මත පො ප සුනිල් කරුණාතිලක උ පො ප චාමර ප්‍රදිප් ආනන්ද හේරත් පො සැ 32995 විජෙරත්න පො කො 60707 චින්නක 61094 අෙබිසිංහ 72491 නිශාන්ත 72496 කුමාර 72566 හේරත් 82574 අජිත් 25694 උදයංග යන නිලධාරින් මෙම වැටලීම සිදූකරන ලදි
සැක කරුවන් හා නඩු භාණ්ඩ කොටදෙණියාව පොලිසියට භාර දූන් අතර සැක කරුවන් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිනව තිබේ.
මිගමුව පියපේම මානික්ක රත්න 07-05-2016