කොටස් වෙළදපො‍ලේ ආයෝජක දිනය මීගමුවේදී

0
192

කොටස් වෙළදපොළ

කොළඹ කොටස් වෙළඳපොලේ මීගමුව ශාඛාව මගින් ‘ආයෝජක දිනය ’ වෙනුවෙන්  විශේෂ වැඩසටහනක් අද දින මීගමුව නගර ශාලාවේදී පැවැත්වේ. කොටස් වෙළඳපොල  හා ඉන් හා ලැබෙන ප‍්‍රතිලාභ පිලිබඳව මීගමුව ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි. මෙම වැඩසටහනේදී ආයෝජන උපදේශන සේවා, දැනුවත්කිරීමේ සම්මන්ත‍්‍රන,තැරැව්කාර ආයතන හා සම්බන්ධවීම සහ ඒකකබාර හඳුන්වාදීම සිදුවේ. එලෙසම සුරැකුම් ගිණුම් විවෘත කිරීමද සිදුවේ. මෙම වැඩසටහන සඳහා කොළඹ කොටස් වෙළඳපොල මීගමුව ශාඛාවේ කළමනාකාරිණීය නිරෝෂා ද කෲස් ඇතුළු එම කාර්ය මන්ඩලයද, තැරැව්කාරකාර සමාගම් 18ක නියෝජිතයන් ද සහාභාගි වේ.

මීගමුව කොටස් වෙළදපොළ

සටහන සහ ඡායා – තුෂාර රොහාන්