කොටුව පිට්ටනියේ මාළු ලෙල්ලමටත් හොර නැති තාරදියක් ?

0
72

1වැල්ලවිදිය පල්ලිය විසින් පවත්වාගෙන යනු ලබන කොටුව පිට්ටනියේ මාළු වෙළඳ පොලේ හොරට කිරිම නවතා ලන්නට කිසිවෙකුටත් මේ වන විට නොහැකිව ඇත.
කොළඹ කොටුවේ පළතුරු වෙළඳුන් විසින් ඉවක් බවක් නැතිව හොරට පළතුරු කිරිම නිසා මතුව තිබුන ගැටළුවට පිළිතුරු ලෙසින් කිරිම් මිණුම් දෙපාර්තමේන්තුව විසින් නිසි බර සහිත තරාදියක් කොළඹ බෝගස පොලිසියේ ආරක්ෂාව යටතේ අද පටන් තබා ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කරන්නට යෙදුණි.
මෙවන් තාරාදියක් නිසි ආරක්ෂාව පරිදි මීගමුවේ කොටුව පිට්ටනිය අසල මාළු වෙළද සැලේ තබන්නට වැඩපිළිවෙලක් සැකසෙන්නේ නම් එහි වෙළඳුන් විසින් කොතරම් නම් හොරට කිරන්නේ දැයි දැනගැනිමට අවස්ථාව පාරිහෝගියන් හට ලැබෙනු ඇත.