කොටුව පිට්ටනියේ මාළු වෙළද සැල ලංසාගේ පියාට අහිමිවෙයි?

0
65

මීගමුව මහජනයාගේ සුබසාධනය වෙනුවෙන් මහනගර සභාව වෙත ලබාදි තිබුන බොහොමයක් විදේශාධාර වල එකම භුක්තිකරු විමට තරම් වාසනා වන්ත වු ඇමති ලංසාගේ පියාට මෙවර කොටුව පිට්ටනිය අසල පිහිටි මාළු වෙළද සැල නොලැබිමට බොහෝ සේ ඉඩ ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග විසින් දැනටමත් සනාථ කර සිටි.
එසේ නම් එහි අයිතිය නිත්‍යාණුකූලව පවරා ගත යුතුව ඇත්තේ මීගමුව මහනගර සභාව වුවත් පුරපති ඇන්ටනි ජයවීරද මේ ගැන සිටින්නේ නිහඬ පිළිවෙතකකය.
මාළු ලෙල්ලමේ අයිතිය හිමිව ඇත්තේ වැල්ලවිදිය පල්ලියටය.එහෙත් එහි කිසිදු නිත්‍යනුකූල පදනමක් ඇත්තේම නැත.
කෙසේ වෙතත් නගරාධිපතිවරයා ඇතුළු අදාල බලධාරින් මේ ගැන මැදිහත් නොවන පසුබිමක විදේශාධාර ලක්ෂ 450 ක් වැයකර තැනු මාළු වෙළඳ සැල වැල්ලවිදිය ඒකාබද්ධ ධීවර සංවිධානය නම් වු රාජ්‍ය නොවන ආයතනය වෙත ලැබෙන්නට නියමිත බව දැනගන්නට තිබේ.