කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙක් සහ පවුලක් නඩත්තු කළ මහනගර සභාවක්.. ?

0
55

මීගමුවේ මහජන බදු මුදල් පසුගිය කාලය තුල මුළු මනින්ම යෙදවි තිබුනේ කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු සහ එක් දේශපාලන පවුලක් නඩත්තු කිරිම වෙනුවෙන් මිස මිගමුවේ මහජන සුභ සිද්ධිය සදහා නම් නොවන බවට විපක්ෂයේ මන්ත්‍රිරු චෝදනා කර සිටිති.
මහනගර සභාවේ මුදල් අර්බුදයක් ඇති බව හොදින් දන්නා නමුත් මේ කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙනා කිසිදු පැකිලිමකින් තොරව මහනගර සභාව විසින් ලබාදෙන සියලු කොන්ත්‍රාත් ඉතාමත් කැමැත්තෙන් කරමින් සිටිති.
පළාත් පාලන නිති ප්‍රකාරව පාරවල් මෙන්ම කාණුද නාගරික ඉජිනේරුවරයාගේ අධික්ෂණය සහ මුලිකත්වය මත සැලැසුම් කළ යුතුව තිබුණද සැබැවින්ම මිගමුවේදි ඒ නාගරික ඉජිනේරුවරයා පවා නොදන්නා පාරවල් කාණු රැසක් කොන්ත්‍රාත්කරුවන්ට ලබාදිම සදහා ඇස්තමේන්තුගත කර තිබුනේ ලංසා පවුලේ ගොඩ ඉජිනේරුවරයා වු අම්පාරේ සිට පැමිණ දැන් කෝටිපතියෙකු වි සිටිනි රන්මුතු නැමැති තාක්ෂණික නිලධාරියා විසිනි.
ඔහු වගකියන්නේ රජයට හෝ මිගමුවේ බදු ගෙවන ජනයාට නොව සිය හාම්පුතාලාට පමණි.
ඒ නිසාම සියලුම කොන්ත්‍රාත්වලින් 40% කොමිස් එක උපරිමයෙන් ලැබෙන අයුරින් මේ ගොඩ ඉජිනේරුවා උපරිම මුදලක් ඇස්තමේන්තු කරන්නට කටයුතු කරනු ලැබේ.
මේ නිසාම කිසිදු වෘත්තියක් නොකල ඉහල අධ්‍යාපන සුදුසුකම් හෝ වෙනත් සුදුසුකමක් නැති නගරාධිපති දයාන් ලංසා ලක්ෂ 300 ඉක්මවු නිවසක් තනාගන්නේත් සුපිරි වාහන මෙන්ම තවත් සුපිරි දැ නඩත්තු කරන්නේත් මේ මහජන බදුමුදල් වල පිහිටෙනි.


අගේට ඇති පාරවල් පාව කඩා යළිත් අලුතින්ම හදන්නේ ගාන කපාගැනිමට මිස මහජන සුබ සිද්ධිය සදහා නම් නොවේ.
සැබැවින්ම ලංසා පවුල යනු දැනට රටේම ප්‍රසිද්ධියට පත්ව ඇති වෙනත් ආදයම් මාර්ග වලට අමතරව පාරවල්වලින් ගොඩගිය ලංකාවේ ප්‍රධානතම දේශපාලන පවුලකි.
රට දැවැන්ත මුල්‍ය අර්බුදයක ගිලි තිබුණද මහා මාර්ග රාජ්‍ය ඇමති වරයා රටට ඇත්තේ පාරවල් ගැන අඩුවක් යැයි සිතා සති පතා පාරවල් වල ඉදිකරන බව කියැවෙන බෝඩ් විවෘත කරමින් සිටි.
ජනවාරි 01 වෙනිදාටද මේ කොමිස් බිස්නස් එක අගරදගුරුවරයෙකු නමින් මිගමුවේ ඇති පාරක් යලිත් වරක් ප්‍රතිසංස්කරණය කිරිමට යොදාගෙන ඇත.