මීගමුව පොලිසිය තුල සිදුව ඇති ප්‍රහාරයක් පිළිබදව මාධ්‍යවේදි ප්‍රසාද් පුර්ණිමාල් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් දැනුවත් කිරිමක මේ වන විට නිරතව සිටි.
මෙසේ ප්‍රහාරයකට ලක්ව ඇත්තේ හලාවත මිගමුව පුද්ගලික බස්රථයක සේවය කරන කොන්දොස්තරවරයෙකි.මෙකි කොන්දෝස්තරවරයා සේවය කළ බස් රථයේ පැමිණි කාන්තාවකගේ මුදල් පසුබිම්බියක් නැති වි ඇති අතර ඇය එය දැනගෙන ඇත්තේ බස්රථයෙන් බැසිමෙන් පසුවය.
ඇය පසුව බස් රථය නවතන ලෙස කෑ ගසා ඇතත් බස් රථය දිගටම ධාවනය කර තිබේ.
මේ හේතුව නිසා අදාල කොන්දොස්තරවරයා මිගමුව පොලිසියට පසුගිය 6 වෙනිදා කැදවා ඇති අතර එහිදි මෙම පහර දිම සිදුව ඇතිබව මාධ්‍යවේදි ප්‍රසාද් පුර්ණිමාල් කියයි.
.ඔහු තවදුරටත් කියා සිටින්නේ මෙම පහරදිම සම්බන්ධයෙන් මිගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර අදාල කොන්දොස්තරවරයා දැනට හලාවත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
මෙම ප්‍රහාරයට එරෙහිව මේ වන විට හලාවත සිටි පටන් ගන්නා මාර්ග ගණනාවක පුද්ගලික බස් රථ වර්ජනයක්ද ක්‍රියාත්මකය.
මේ පිළිබදව කරුණු දැනගැනිමට මිගමුව පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඇමතුවද ඔහු සම්බන්ධකරගැනිමට නොහැකි විය.