මීගමුව මහනගර සභාව පිටුපස පිහිටි තේක්ක ගස් කිපයක් කැපිමට නාගරික කොමසාරිස්වරයාගේ ඉල්ලිම පිට එහි නිරතවු ගිනි නිවන අංශයේ ගිනි භටයන් දෙදෙනකු මතට ගසේ අතු කඩා වැටිම නිසා බරපතල තුවාල සහිත රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.
මේ එක් ගිනිනිවන භටයෙකු කොදු ඇට පෙළට සිදුව ඇති හානි හේතුවෙන් ඇවිදිමට පවා නොහැකි වි තත්වයකට පත්ව තිබේ..
මේ අතර මේ කටයුත්ත සදහා යොදාගත් ගිනි නිවන ඒකකයට අයත් රථයකට හානිසිදුව තිබේ.
දැනට කාලයක සිට නාගරික කොමසාරිස්වරයා විසින් මීගමුවේ විවිධ ස්ථානවල ඇති ගස් කඩිමුඩියේ කපා දමමින් සිටින බව මහජන නියෝජිතයෝ පෙන්වා දෙති.
කොච්චිකඩේ නගර සභා උපකාර්යාල භුමියේ පිහිටි ගස් කිහිපයක්ද නාගරික කොමසාරිස්වරයා විසින් කපා දමා ඇතැයි ද කියැවේ.
රාජපක්ෂ උද්‍යානය තුල මිට මාස කිපයකට ඉහතදි කපා බිම හෙල ලද ඉතා පැරණි ගස තවමත් ඒ භුමියෙන් පවා ඉවත් කරගෙන නොමැත.
මේ නිසා උද්‍යානයේ ඇවිදින මංතිරුවට අනතුරු සිදුව ඇති අතර එය ඇවිදින අයට මහත් හිරිහැරයක් වි තිබේ.