කොම්පොස්ට් බින් එකකට මන්ත්‍රිවරු ගැටෙති.

0
757

නගරයේ කුණු කසල පාලනය කිරිම සදහා විවිධ ආයතනවල ආධාරයන් යටතේ ප්‍රාදේශිය පරිපාලන ආයතනය වෙත ලැබෙන කොම්පොස්ට් බාහලුම් මහජනයා වෙත දෙනු ලබන්නේ ඒ අයගෙන්ද සුළු මුදල් ආධාරයක් ලබාගෙනය.

මීගමුව මහනගර සභාවේ පරිස් මන්ත්‍රිවරයා මෙසේ කොම්පොස්ට් බදුන් 4 ක් මහජන සෞඛ්‍ය නිළධාරි මහතෙක්ගෙන් අද උදේවරුවේ ඉල්ලා තිබුනේ අල්හිලාල් විදුහලට ලබාදිමටය. එහෙත් ඒ සමබන්ධයෙන් තින්දු ගනු වෙනුවට ආදාල නිළාධාරියා එය දයාන් ලංසා මන්ත්‍රිවරයාට දන්වා ඇති අතර ඔහු එ්වා ලබාදිම ප්‍රතික්ෂේප කර ඇත.මේ සිදුවිම අතර මේ මන්ත්‍රින් දෙදෙනා අතර බහින් බස්විමක් ඇතිව තිබේ.

හොරට කඩ  විකණල හම්බකරගත්ත සල්ලි තියෙනවානේ අන්න ඒවලින් කොම්පොස්ට් බින් ගන්නටයැයි දයාන් ලංසා පරිස් මන්ත්‍රිවරයාට පවසා ඇතැයි වාර්ථා වේ.