කොමිස් ගණුදෙනු රැසක් සහිත සැප් මහ සභාව කල්යයි.?

0
176

නිල කාලය අනුව පළාත් පාලන ආයතනවල කාලය සිමා වි ඇත්තේ තවත් මාස 4ක පමණි .තතු එසේව තිබියදි මීගමුව මහනගර සභාවේ මාසික රැස්විම සඳහා ඉදිරි වසර 3 සඳහා දැනට ඇතැම් ටෙන්ඩර් පවත්වාගෙන යන අයට ඒවා 5% මිළ වැඩිකිරිමක් තුලින් ලබාදිමට කටයුතු කර තිබේ.

මේ කුප්‍රකට ටෙන්ඩර් ගණුදෙනු අතර ප්‍රධානතම එක වන්නේ බිච් පාක් ටෙන්ඩරයයි.එය වෙනත් අයෙකුගේ නමට ගෙන ,සැබැවින්ම පවත්වාගෙන යනු ලබන්නේ නගරාධිපති දයාන් ලංසාගේ පියා බව දැන් ප්‍රසිද්ධ රහසකි.

ඒ අනුව මාස 4කට පමණ සිමාවි පවතින පළාත් පාලන ආයතනයක බිච් පාක් ටෙන්ඩරය ඇතුලු තවත් ටෙන්ඩර් ගණනාවක් වසර 3ක කාලයකට ලබාදිමට මුදල් කාරක සභාව අනුමැතිය දි ඇති අතර එය සැප්තැම්බර් මහසභාවට ඉදිරිපත් කිරිමටද නියමිතව තිබුණි.
මෙවර සභාව සැප්තැම්බර් 2 වනදා පැවැත්විමට නියමිතව තිබුණද පසුව එය සැප්තැම්බර් 06 ට කල් ගියේය.
දැන් එය දින නියමයකින් තොරව කල් දමා ඇතැයි වාර්තා වේ.

එපමණක් නොව තවත් දුෂිත යැයි විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් විසින් දැනටමත් චෝදනා කරමින් සිටින ටෙන්ඩර් ගණුදෙනු කිපයක්ද මෙවර මහසභාවට ඉදිරිපත් කිරිමටද නියමිතය.

දැනට අතරමග වැඩ නැවති ඇති පුස්තකාල ගොඩනැගිල්ලට අදාල ටෙන්ඩර් සැබැවින්ම ගැටළු සහගත එකක් බව විපක්ෂයේ ප්‍රගතිශීලී නාගරික මන්ත්‍රී පිරිස කියා සිටිති.මේ තුල ඉතා පැහැදිලි ලෙස රුපියල් කෝටි ගණන වංචාවක් ඇතැයි ඔවුන් චෝදනා කර සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here