කොරෙස් D ආතල් එකට බිලිවු තාරුණ්‍යයය…

0
52

සංස්කෘතික ජිවිතයක් නැති සමාජයක ආතල් එක සැපයෙන්නේ කෙටි මාර්ග වලිනි.ඒ ය කොතරම් කෙටිදැයි කිවහොත් කැස්සට ගන්න පැණියක් තාරුණ්‍යෙයේ ආතල් එකක් බවට පත්ව තිබේ.මේ නිසා මීට වසරකට පමණ ඉහතදි ඕනෑම පාමසියකින් කැස්සට දෙන පැණිය යැයි කියා වෛද්‍යවරයෙක්ගේ තුණ්ඩුවක් නැතිව හෝ ගන්නට අවකාශ තිබු මේ පැණිය අද එසේ අලෙවි නොකෙරේ.මෙයට හේතුව වන්නේ පසුගිය කාලය තුල මේ එක් බෝතලයක් බී කල්පවතින ආතල් එකක් ලබන්නට මේ සමාජයේ තරුණ පිරිස පුරුදු විමත් සමගය.

කල් යන්නට මත්තෙන් මෙය තේරුම් ගත් මීගමුවේ බොහෝ පාමසි විශේෂයෙන්ම තුණ්ඩුවක් රැගෙන ආවද එය තරුණයෙකුට නිකුත් කිරිමේදි බොහෝ සේ පරිස්සම් විය.මේ පැණියට ඇබ්බැහි වි පසුව මුළු ජිවිතයම මතට පමණක් පෙම සේ කල් යවමින් සිටින තරුණයන් ගැන අසන්නට ලැබෙන කතා ඉතාමත් ශෝචනියය. එපමණක් නොව වරක  මේ පැණිය තරුණියකට බොන්නට දි ඇය අපහරණයේ යෙදු කථාද අසන්නට ලැබේ.

මේ සියළු විනශයන් දැන දැනත් දැනට මාස කිපයකට පෙරත් මුදල් හම්බ කිරිම පමණක් ගැන සිතු ඇවරිවත්ත ප්‍රදේශයේ පාමසියක් පවත්වාගෙන යන්නෙකුගේ කොරෙස් D ව්‍යාපාරය නවතා ලන්නට අවසානයේදි පොලිසියට ද මැදිහත්වන්නට සිදුව තිබුණි.