කොරෝනා අස්සේ ඩෙංගුත් රිංගයි ? මිගමු රෝහල තුලත් අවදානමක් ?

0
81

Anti_Dengueකොරෝනා පිළිබදව භීතියකින්  පසුවන මීගමුවේ ජනතාව ඩෙංගු පිළිබදවද ලොකු අවධානයක් යොමු කළ යුතුව තිබේ. එයට හේතුව වි තිබුනේ මිගමුව රෝහල තුල කොරෝනාදැයි සැක සහිත රෝගින් වෙනුවෙන් ස්ථාපිත කර ඇති වාට්ටුවේ රෝගින් තිදෙනෙකුගේ රෝග ලක්ෂණ මත ඔවුන්ට ඩෙංගු රෝගයද වැළදි ඇතිදැයි දැනැනිමට සිදුකරන්නට යෙදුන පරික්ෂණ වලදි ඩෙංගු වැළදි ඇති බව තහවුරුව තිබුණි.
මේ අනුව ඩෙංගු විශේෂ ඒකකයට ඒ අයව යොමුකරන ලද අතර පසුව වාර්ථා වි තිබුනේ මින් අයෙකුට කොරෝනා වෛරසයද ආසාදනය වි ඇති බවකි.
මේ අනුව කොරෝනා ගැන උපරිම ලෙසින් පරිස්සම් විමට නිවෙස්වලටම වි කටයුතු කරමින් සිටින සියළු දෙනාම තමන්ගේ අවට පරිසරය තුල ඩෙංගු මදුරුවන්ට කිසිදු ඉඩක් නොතබමින් කටයුතු කිරිමේ බරපතල වගකිමක් මේ වන විට පැවරි තිබේ.
එබැවින්ම මිගමුවේ සෑම නිවැසියෙකුම මේ අවදානම් තත්වය ගැඹුරින්ම තේරුම් ගෙන එයට නිසි ප්‍රතිචාර පමා නොවි ලබාදෙනු ඇතැයි අප විශ්වාස කරමු