කොරෝනා නිසා ඉතාලිය මිලියන 16 ක් වෙසෙන ප්‍රදේශයක් රතු කලාපයක් ලෙස නම් කෙරේ !

0
92
84137079_502630903719692_7338255017410822144_nඉතාලිය වේගයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් මාර්තු 08 වනදා සිට අප්‍රේල් 03 වනදා දක්වා ලොම්බර්දියා සහ Modena, Parma, Piacenza, Reggio Emilia, Rimini, Pesaro e Urbino, Venezia, Padova, Treviso, Asti e Alessandri පළාත් තුල හදීසී තත්වයක් ප්‍රකාශ කර තිබේ.ඒ අනුවා මෙම පළාත් රතු(sona rossa) ලෙස නම් කර තිබේ.
මේ පිළිබදව සිය කෙටි පුවත් පණිවිඩ සේවාව ඔස්සේ පුවතක් විසුරුවා හරමින් ඩේලි මිරර් පවසා සිටින්නේ මෙසේ නම් කර ඇති රතු කලාපය තුල මිලියන 16 ක පමණ ජනතාවක් වෙසෙන බවය. රජයේ මෙම තිරණයත් සමගින් මේසේ නම් කර ඇති රතුකලාපය තුල යෑම් ඊම් සියල්ලම තහනමට ලක්කරනු ලැබ තිබේ.
ඉතාලිය තුල ශ්‍රිලාංකිකයන්ගෙන් 60% ක් පමණ දෙනා වාසය කරන්නේද මෙම උතුරු  ඉතාලියේ ලොම්බාර්ඩි කාලපයේ විමද වඩාත් විශේෂත්වයකි.
මේ ව්‍යසනකාරි තත්වය හමුවේ ඉතාලියේ තුල අපේම සහෝදර ජනතාව ගැන වඩාත් සංවේදි ලෙසින් දැකිමට මෙරට ජනයා හට ඇති වගකිම සුවිශේෂි වන අතර කිසිවිටකත් කපටි දේශපාලකයන් හමුවේ ඒ වගකිමෙන් මිදිමට මිනිසුන් ලෙසින් හිතන පතන කිසිවෙකුටවත් නොහැකි බව යළිත් වරක් අවධාරණය කරනු කැමැත්තෙමි.
මතුව ඇති මේ තත්වය  පිළිබදව ඉතාලියේ වෙසෙන මේ දිනවල ශ්‍රිලංකාවට පැමිණ සිටින එමිල් රෝහාන් සිය මුහුණු පොතේ කදිම සටහනක් තබා තිබේ.
  ඉතාලියේ අපි සහ රතු කලාප

ශ්‍රී ලාංකිකයින් 104,000 කට අධික පිරිසක් ඉතාලියේ වාසය කරන අතර ඉන් 60% ක ප්‍රතිශතයක් කොරෝනා වෛරසය පැතිර යමින් පවතින ලොම්බාර්දිආ ප්‍රදේශයේ වාසය කරති.

මේ වනවිට ප්‍රදේශ රාශියක් රතු කලාප වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හට යම් සහනයක් අවශ්‍ය වේ නම්…

#රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,සාමාන්‍ය දුරකථන අංක
+39 06 884 0801
+39 06 885 4560

#තානපති කාර්ය මණ්ඩලය
#සිසිර සෙනෙවිරත්න
+39 3499351745
#ප්‍රියා නාගරාජා
+39 3403581603
#නිමාලි ජයමහ
+39 3483027997
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

#උතුරු ඉතාලියේ මිලානෝ කොන්සල් කාර්‍යාලය සාමාන්‍ය දුරකථන අංක
+39 2 495 365 530
+39 2 495 395 221

#කොන්සල් කාර්ය මණ්ඩලය
#සඳමාලී දිසානායක
+39 3888016268
#චතුරිකා රොෂානි
+39 3887249016

මේ වනවිට වෙනෙතෝ සහ ලොම්බාර්දිආ ප්‍රාන්ත දෙක තුල කොරෝනා වෛරසය පැතිර යමින් පවතී.එම ප්‍රාන්ත වල නගර කිහිපයක් වසා දමමින් නිරෝධායන කටයුතු සිදුකෙරෙමින් පවතින අතර,ඔබගේ සහයෝගය ලබාදෙන්න.

ඒ අතරම ඉතාලියේ අගනගරය වන රෝමයේද මෙම වෛරසය පැතිර යෑමට බොහෝසෙයින් ඉඩකඩ ඇති අතර,රෝගය බෝවීමෙන් වැළකීම සඳහා මහජනයා ගැවෙසෙන ස්ථාන වලට යෑමෙන් වැලකී ප්‍රවේශම් වීම ඔබගේ වගකීමක් බව සිතන්න.

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ සිදුවන මරණ සංඛාව ඉහල ගොස් ඇති අතර එයින් ආසාදනය ට පත්වන සංඛායව 2036 ට ත් වඩා වැඩිවෙමින් පවතී.
සුව වී රෝහල් වලින් පිටව යෑමද වැඩිවෙමින් පවතී.

සශ්‍රීක උතුරු දිග ලොම්බාර්දිආ සහ වෙනෙතෝ හි ශ්‍රී ලාංකීය සංක්‍රමණිකයන් විශාල වශයෙන් රැකියාවල නියැලෙන පලාත් කාලප වේ….

මහජනතාව ගැවසෙන උත්සව පාසැල් සැණකෙළි සියල්ල අත් හිටුවා ඇති අතර අත්‍යාවශ්‍ය කරුණකට හැර සිය නිවෙස් වලින් බැහැර නොවන මෙන් මා මතක් කර සිටිමි.

ඔබගේ මිතුරන් දැනුවත් කරන්න

එමිල් රෝහන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here