කොරෝනා වෛරසය හේතුවෙන් දිනකට මිය යන වැඩිම ගණන පසුගිය කාලය තුල චිනයෙන් වාර්ථා වුණද මෑතක සිට ඇතිව තිබෙන ප්‍රවණතාවය වන්නේ එය ඉතාලිය දෙසට විතැන්ව ඇති බවය.අද දිනයේ චිනයේ දිනකට මිය යන ගණන 28 ක් වෙද්දි ඉතාලියේ දිනකට මිය යන ගණන 36 දක්වා ඉහල ගොස් තිබේ.
පසුගිය දින කිපයක් තුලදිම මෙය පොදු තත්වයක් ලෙසින් වර්ධනය වෙමින් තිබේ.
කෙසේ වෙතත් ඉතාලිය තුල මේ දක්වා මිය ගිය ගණන 233 ක් දක්වා ඉහල යද්දි ආසාදිතයන් ගණන 5061 ලෙස හදුනාගෙන තිබේ.
මෙයින් ඉතා පැහැදිලිව පෙනි යන්නේ ඉතාලිය තුල කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති බවය.
මේ අනුව වෛරසයේ ග්‍රහණයට නතුව ඇති උතුරු ඉතාලිය යනු ඉතාලියේ සිටින ශ්‍රි ලාංකිකයන්ගෙන් 60% ක් ම පමණ සිටින කලාපයයි.
මේ අනුව එහි වෙසෙන ශ්‍රිලාංකිකයන් සැබැවින්ම බියෙන් දිවි ගෙවිම මෙරට සිටින සැම වඩාත් හොදින් තේරුම් ගත යුතුව තිබේ.
එය නිරෝධානය මධ්‍යස්ථානය හැදලද නැතිනම් වාලච්චේනෙදැයි යන්නට වඩා එහා ගිය ගැඹුර ප්‍රශ්ණයකි.
නිමල් ලංසාට නම් කොරෝනා සහ නිරෝදායනය මනාප ඩැහැ ගැනිම සදහා තවත් අඩව්වක් වෙද්දි වසර 7 කටත් වඩා පුජක දිවියට පේවි ඉගනිම් කළ දහම නිරෝගි ලෙස ප්‍රගුණ කළ අයෙකුට වඩාත් ගැඹුරින්ම තේරුම්ගත යුත්තක්ව තිබුණි.
එනම් එදා හැදල මිනිසුන්ගේ ගානට කැපුණු පියතුමන්ලා සැබැවින්ම වැරදිය.එ
ඔවුන් සිටිය යුත්තේ ජනතාවට වඩා ඉදිරියෙනි.දේශපාලකයන්ගේ උසි ගැන්විම් හමුවේ පාරට පැමිණ ඕනා දෙයට මෙන්ම එපා දෙයටද විරෝධතා දැක්විම අද මෙරට තුල විලාසිතාවකි. ඉතාලියේ මතුව ඇති ගැඹුරු ප්‍රශ්ණය හමුවේ කතෝලික පියතුමන්ලා වඩාත් බුද්ධිමත් ලෙසින් ක්‍රියාකළ යුතුව තිබුණි.
එහෙත් කරුමෙක මහත එය එසේ වුයේ නැත.
මේ නිසාම ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ගේ දැවැන්ත විවේචනයකට මේ වන විටත් ඒ පියතුමන්ලා දෙපල අසුවි හමාරය.
මේ වන විට ඒ’ පියතුමන්ලා සහ ඒ අයට සහය දිමට එක්ව සිටින අය විවිධ විග්‍රයන් සමාජ ගතකරන්නට සුදානම් වුවද වඩාත් ඇත්ත කාරණය නම් ඒ පියතුමන්ලා දැන් ගල උඩ කැත කළ බළලුන්ගේ ගානට වැටි ඇති බවය.
කොයිතරම් පහුරු ගෑවද කැලල දැන් වසාගත නොහැක.කළ යුතුව ඇත්තේ ජනතාවට ඉදිරියෙන් සිට කපටි දේශපාලකයන්ගේ ඒ ගැනගොන් න්‍යාය පත්‍රවලට අසු නොවි සැබෑ කිතුණු පියතුමන්ලාගේ වේශයට ඉතා ඉක්මනින් නැවත හැරිමය.
ඒ ගැන ගරු පියතුමන්ලා කලයුතුව ඇත්තේ අසාර්ථක විග්‍රහයන් හරහා ඇගබේරාගැනිමට වඩා ඉතාලියේ අපේම සහෝදර සහොරියන් පත්ව ඇති තත්වය තේරුම් ගැනිමය.
එනම් කොරෝනා නිසා එක දිනකට ලෝකයේම මැඩිම පිරිසක් මිය යන කලාපයක සිටින ශ්‍රිලාංකිකයන් ගැන සංවේදි වන්නට හදවතක් හැදල විරෝධයන්හිදි පාරට පැමිණිය උන් හට නොතිබිම සැබැවින්ම මිනිස්කමට නිගාවකි. ඒ අවමානයෙන් ගැලවිමට කතෝලික පියතුමන්ලාටද නොහැකිය.
මන්ද එතුමන්ලාද හැදල ගානටම කැපි ඇති හෙයිනි.