කොරෝනා නිසා පාර්ලිමේන්තුවත් වසා දැමේ !

0
87

parliamentකොරෝනා දෙවන රැල්ල රටේ අස්සක් මුල්ලක් නෑර ගමන් කරනු පෙනේ. එහි අවධානම දැන් පාර්ලිමේන්තුව කරාද පැමිණ තිබේ.
මේ නිසා පාර්ලිමේන්තුව අද (26) සහ හෙට (27) දිනයේ වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කර තිබේ

විෂබීජහරණ කටයුතු වෙනුවෙන් වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා මෙහිදි  වැඩිදුරටත් සදහන් කර ඇත.
මේ අතර පාර්ලමේන්තු බුද්ධි අංශ නිලධාරියෙකුට කොරෝනා වැළදි ඇතැයි පුවත් පළව තිබුණි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් මගින් කියා තිබුනේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් කොරෝනා වැළදි නොමැති බවය