කොරෝනා බැංකුවලටත් පැතිරෙයි! ශාඛා 24 ක් වසා දැමේ !

0
217

ශ්‍රි ලංකා ජනාධිපතිවරයා වරක් කියා සිටියේ අප තමයි කොරෝනා හොදටම පාලනය කරේ කව්රුත් අප ගැන කථා නොකරන බවය.
එසේ කියා ගතව ගිය කාලය තුල ලංකාව තුල කොරෝනා තෙවෙනි රැල්ල දැන් පිමි පනිමින් වර්ධනය වෙමින් තිබේ.
අවාසනාව වන්නේ රටේ පාලකයන් විසින් මේ රැල්ල පාලනය කිරිම සදහා විද්‍යාත්මක ප්‍රවේශයක් සහිත සැලැස්මක් සහිතව ක්‍රියාත්මක වන බවක් කිසිසේත්ම නොපෙනිමය.
දැන් වසංගතය ආර්ථික මධ්‍යස්ථාන කරාද ගමන් කරමින් තිබේ.
ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කරන පරිදි අද වන විට බංකු ශාඛා 24 ක් කරා පැතිවර ගොස් ඇති බවයි.
මේ හේතුව නිසා දැන් ඒවා වසා දමා තිබේ.
මහජන බැංකු ශාඛා 17 ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7 ක් ද අද (28) දිනයේ මේ ආකාරයෙන් වසා තිබුණි.

මෙම හදිසි වසා දැමීම් පිළිබඳව මෙම බැංකු ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ගණුදෙනුකරුවන් වෙත දන්වා ඇත

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පැටිපොළ, කොළඹ දිස්ත්‍රික්කයේ කටුබැද්ද සහ සොයිසාපුර, ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල, හම්බන්තොට සහ සයුරුපාය, මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාකඳුර, කොබෙයිගනේ, කටුපොත බොරලුවැව සහ පන්නල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ සහ මොල්ලිපොතාන යන මහජන බැංකු ශාඛා මෙලෙස වසා ඇත.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පිටකොටුව, දෙහිවල, තලවතුගොඩ සහ බොරැල්ල, වැල්ලවාය, කුලියාපිටිය සහ දංකොටුව යන ශාඛාවන් ද ‘කොවිඩ් 19’ වසංගත තත්වය හමුවේ ඊයේ දිනයේ වසා තිබුණි.