කොරෝනා වලින් බේරෙන්න මිගමුවේ නගරාධිපතිට වීදුරු කූඩුවක් ?

0
141

Dayan-lansaමහජන මුදල් අතදිහගහැර සිය දේශපාලන ව්‍යාපෘති සදහා වැයකරන මිගමුව නගරාධිපති දයාන් ලංසා දැන් කොරෝනාවලින් තමන් බේරිම සදහා සිය නිල කාමරයේ විදුරු කුටියක් (ආවරණයක් ) ඉදිකරගෙන ඇතැයි වාර්ථා වේ.
අද සිට ඔහු හමුවිමට පැමිණෙන ජනයාගේ  ප්‍රශ්ණ ගැන කතා කරන්නේ මේ විදුරු කුඩුව(ආවරණය ) අස්සේ සිටය.

පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මහසභා රැස්විමේදි මරණාධාර ලෙසින් රු 5000 ක් හෝ දිමට නගර සභාවේ මුදල් නැතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නගරාධිපති දැන් මහජන මුදලින් විදුරු කූඩුවක් තනාගෙන ඇත්තේ ඔහුගේ ආරක්ෂාවටය.
මේ පිලිබද මිගමුවේ ජේෂ්ඨ පුරවැසියෙකු කියා සිටියේ පහසුකම් නැතිව සිටි පවුල්වල අය දේශපාලනයට පැමිණි විට හැසිරෙන අන්දම ගැන ලංසා පවුල මිගමුවේදි නම් කදිම නිදසුනක් බවය.
හිටපු නගරාධිපතිවරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුවුද වු සරත් චන්ද්‍රගුණරත්න ගැනද සදහන් කරමින් ඔහු කියා සිටියේ යමක් කමක් ඇති අය දේශපාලනයට පැමිණි විට කටයුතු කරන අන්දම සහ ලංසා පවුල වැනි පහසුකම් නැතිව පැමිණි පවුල් අයගේ කෙරුවාව මනාව සසදා බැලිය හැකි බවය.
දැන් ලංසා පවුලේ අය මාලිගාවල් වැනි ගෙවල් හදාගෙන සිටියද ඒ අයගේ ඉතිහාසය වැල්ලිවිදියේ ජනයා හොදින්ම දන්නා බවද වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.උපතින් සල්ලිකාරයන් නොවුවා පමණක් නොව හොද පඩි ලබන රැකියාවක් නොකල මේ අයියා මල්ලි දෙපල මේ මාළිගා තනාඇත්තේ දේශපාලනයෙන් හම්බකරගෙන බව දැන් රටම දන්නා කරුණක් බවද ඔහු කියා සිටියේය.
එලියට ගල්වලින් ගහන අයට වීදුරු ගෙවල් අස්සේ ඉන්නට එපා යැයි අප රටේ කියමනක්ද ඇත.