කොරෝනා වෛරසය බිලිගත් 6 වෙනියා ඉතාලියේ බ්‍රේෂියා නගරයෙන් වාර්ථා වේ !

0
268

bresia(තෙවන සංස්කරණය ) කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මිය ගිය මුළු ගණන මේ වන විට 6 දක්වා ඉහල ගොස් තිබේ. කලින් එය 7 ක් ලෙසින් ඉතාලි මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුණි. ඒ අද සවස  බ්‍රේෂියා නගරයේ  රෝහලකදි සිදුව තිබුන කාන්තාවකගේ මරණයත් සමගය.මේ පිලිබදව මුලින්ම වාර්තා කර තිබුනේ ansa.it නම් වෙබ් අඩවිය  විසිනි.පසුව www.giornaledibrescia.it අඩවියද එය වාර්තා කොට තිබුණි.
ක්‍රේමා නගරයේ සිට ඇයව ඊයේ (23)දිනයේ බ්‍රෙෂියා රෝහල වෙත මාරුකර එවා තිබුණි.එහෙත් පසුව ලොම්බාර්ඩි ප්‍රාන්ත රජය විසින් බ්‍රෙෂියා හි සිදුව ඇති මරණය කොරෝනා වෛරසයට සම්බන්ධයක් නැති බව දන්වා තිබුණි.ඒ අනුව ඉතාලි මාධ්‍ය විසින් එය නිවරදි කරමින් කියා ඇත්තේ බ්‍රෙෂියා රෝහලේ සිදුව ඇති මරණය කොරෝනා වෛරසයට සම්බන්ධයක් නැති බවය.
ඉතාලිය තුල වෛරසය ආසාදනය  වි ඇති මුලු ගණන ලෙස www.giornaledibrescia.it/ වෙබ් අඩවිය පවසා සිටින්නේ 219 කි.
මේ අතර ඉතා අවාසනාවත්ත ලෙසින් කොරෝනා වෛරසය බිලිගත් 6 වැනියා මිලානෝ නුවර සාකෝ රෝහලෙන් වාර්ථා වන බව මිට සුළු මොහොතකට පෙර වාර්තා වු බව ansa.it වෙබ් අඩවිය වාර්තා කර සිටියේය.
ඒ  80 වියැති අයෙකුය.
ඒ අනුව මිය ගිය මුළු ගණන 6  දක්වා ඉහල ගොස් තිබෙන අතර අද දිනයට පමණක් මේ දක්වා මරණ 3 ක් වාර්ථා වි තිබේ