කොරෝනා වෛරසයෙනුත් ගොඩයන්න හදන දේශපාලකයෝ !

0
98

දායාන්(දෙවන සංස්කරණය ) පොහොට්ටු පාලකයන්ගේ අදුරදර්ශි බව නිසාම අද කොරෝනා වෛරසය හමුවේ මුළුරටම දැවැන්ත ඛේදවාචකයකට ඇද දමා තිබේ.සහ පැකේජ 16 ට 132 ක් ලබා දුන්නද ඒ ශාපවෙන් මේ පාලකයන්ට කිසිසේත්ම ගැලවි යා නොහැක.
එබැවින් දැන් සමස්ථ ජනයාගේ සිය දිවි පැවැත්වමම පරදුවට තබා මෙයට මුහුණ දිය යුතු තත්වයක් නිර්මාණය වි තිබේ.
තතු එසේව තිබියද මේ රටේ දේශපාලකයන් කටයුතු කළ යුත්තේ කොරෝනා වලිනුත් දේශපාලන වාසි ප්‍රචාරයන් ගැනිමේ පටු තැන්වලට නොවැටිය.එහෙත් අවාසනාවකට මෙන්ම මිගමුව වැනි කිතුණුවන්ද බහුතරයක් වෙසෙන දැවැන්ත ව්‍යාපාරික නගරයක පාලනය පැවරි නැති නොගැලපෙන නායකයන් විසින් මේ වන විට කොරෝනාද සිය දේශපාලනය ව්‍යාපෘති වෙනුවෙන් විකුණන්නට පටන් ගෙනය.
නගරයක ජනයාගේ අවශ්‍යතාවය පරිදි ඔසුසැල් කිපයක් විවෘත කිරිමට පැහැදිලි අවසරයක් තිබෙන අතර එය දැනටමත් බොහෝ නගරයවල සිදුකෙරෙමින් තිබේ.( ඒ කිසිදු නගරයකදි එය අදාල නගරයේ නගරාධිපතිගේ නියෝගය මත කොහේවත් ප්‍රචාරයන් ලබා දි නැත)
තතු එසේව තිබියදි මිගමුව නගරාධිපති දායන් ලංසා සිය මුහුණු පොතේ සටහන් තබා ඇත්තේ ජනයාට සෙත සැලසිම සදහා මාගේ නියෝගය පරිදි ඖෂධ සැල් කිපයක් විවෘත කොට පවත්වාගෙන යනබවය.
දේශපාලකයන් මෙතරම් අද බාලයන්ද ?මේ තරම් තත්වයකට ඔවුන් පත්විය යුතුද.?

මෙන්න ලාබ ප්‍රචාරයන් පස්සේ යන දේශපාලකයන් බලු වෙන හැටි

රට තුල කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇත.

මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇත.

ඒ අනුව සියළුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇදිරිනීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව සළසා දෙන ලෙස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය හා ඖෂධ වට්ටොරුව ඇදිරිනීති අවසර පතක් ලෙස සළකන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දන්වා ඇත.

එමෙන්ම ඖෂධ සැල්වල සේවය කරන සේවකයින්ට සහ ඖෂධ ප්‍රවාහනය කරන වාහන සදහා අවසරය ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
(දෙරණ )
මේ අනුව දයාන් ලංසාලා වැනි දේශපාලකයන් විසින් මිගමුවේ ඖෂධ සැල් විවෘතව තැබිය යුතු යැයි නියෝගය දෙනවා යැයි කියන්නේ අමු පචයකි.