කොරෝනා හේතුවෙන් මිගමුවේ තවත් සුපිරි වෙළඳසැලක් වසා දැමේ !

0
149

මීගමුව තුල ප්‍රදේශ කිපයකින්ම කොරෝනා ආසාදිතයන් දිනපතා හමුවෙමින් තිබියදි නගරය තුල පිහිටි තවත් සුපිරි වෙළද සැලක සේවකයන් 4 දෙනෙකු කොරෝනා අසාදිතයන් ලෙසින් හදුනා ගෙන තිබේ.

ඒ අනුව මිගමුවේ පිහිටි ආර්ෆිකෝ ප්‍රධාන සුපිරි වෙළද සැල අද සිට වසාදමා ඇතැයි සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර සිටිති
පසුගිය මාසයේදි මිගමුවේ කාර්ගිල්ස් සුපිරි වෙළද සැලකින්ද කොරෝනා ආසාදිත සේවකයන් 4 දෙනෙකු වාර්තාවිමත් සමගින් එයද තාවකාලිකව වසා දමා තිබුණි