කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට එන සිසුන්ගෙන් වැඩිපුර ගසා කාලා !

0
57
email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
( 8.00 am ) විදේශීය පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් කොරෝනාවෙන් බේරා ගැනීම සඳහා රජයේ වියදමින් ගෙන්වා ගනිද්දී රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභීන්ට වැඩිපුර මුදල් ගෙවා ලංකාව බලා එන්නට සිදුවී ඇති බව හෙළිවී තිබේ.ලංකාවේ ප්‍රමුඛතම ගුරු සංගමයක් විසින් අනාවරණය කර ඇති පරිදි එළඹෙන සෙනසුරාදා ඉන්දියාවේ  සිට මෙරටට පැමිණීමට නියමිත එක් සිසුවකුගෙන්  මුම්බායි-කොළඹ ගමන් වාරයක් සඳහා අය කර ඇති ගුවන් ටිකට් පත් ගාස්තුව රුපියල් හැටදාහකට ආසන්න වෙයි.

මෙම සිසුන්ගේ එක් ගමන් වාරයකට රුපියල් 58650 අය කර ඇතත්, සාමාන්‍යයෙන් යාම් ඊම් සඳහා ගෙවිය යුතු ගාස්තුව වන්නේ රුපියල් 45000 කට ආසන්න මුදලක් පමණක් බව ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

කොරෝනා වසංගතය හමුවේ ප්‍රථමයෙන්ම චීනයේ වූහාන් නගරයේ අධ්‍යාපනය  ලැබූ සිසුන් ලංකාවට රැගෙන එන ලද්දේ කිසිදු මුදල් අය කිරීමකින් තොරව බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අවධාරණය කරන්නේ, ඒ අනුව  එක් සිසු කණ්ඩායමකට එක් ආකාරයකටත්, රාජ්‍ය ශිෂ්‍යත්ව ගෙන ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට ගොස් සිටින සිසුන්ට වෙනස් ආකාරයකටත් සැලකීම බරපතල ගැටලූවක් බවයි.

මෙම තත්වය තුළ  සිසුන් රජයේ වියදමින් ගෙන්වා ගැනීමට කටයුතු යොදන ලෙසත්, මේ වන විට ගුවන් ටිකට් පත් සඳහා ගෙවා ඇති මුදල් ආපසු ගෙවීමට කටයුතු යොදන ලෙසත් ලංකා ගුරු සංගමය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

Bank Doc 2020.04.24අප වෙත ලැබී ඇති ලදු පත් වල දැක්වෙන පරිදි ඇතැම් සිසුන්ට එක ටිකට් පතක් සඳහා රුපියල් ලක්ෂයකට වඩා ගෙවන්නට සිදුවී තිබේ.

ඉන්දියානු රාජ්‍ය ශිෂ්‍යත්ව

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා උපුටා දක්වමින් ලංකා  ගුරු සංගමය සිය  නිවේදනය මගින් පෙන්වා දෙන්නේ සිසුන් 580ක් ඉන්දියානු රාජ්‍ය ශිෂ්‍යත්ව මත ඉන්දියාවට ගොස් අධ්‍යාපනය ලබන බවයි.

එසේම නේපාලය, බංගලිදේශය හා පකිස්ථානයේ ද ලාංකික සිසුන් අධ්‍යාපනය ලබති.

“මින් බහුතරයක් රාජ්‍ය ශිෂ්‍යත්වධාරීන්ය.”

නිවේදනය මගින් ගුරු සංගමය  වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ කෝවිඞ් 19 වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන තත්වයන් පාලනය කිරීම වෙනුවෙන් චීනය, යුරෝපා සංගමය ආදී විවිධ රටවලින් ලංකාවට ආධාර ලැබී ඇති තත්වයක් තුළ  වසංගත  තත්වය මත විදේශ රටවල අතරමං වූ සිසුන් ගෙන්වා ගැනීමට මුදල් අය කිරීම බරපතල කනගාටුදායක තත්වයක් බවයි.
theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here